"අනිවාරෙන්ම චන්ද්‍රසෙන්පති දෙව්දාර්"
සයනයෙන් නැගිට ආ දෙව්දාර් හෙමිහෙමින් දස්කාල් අසලට ඇවිද ගියා...දස්කාල් වටහා ගත නොහැකිව බදාමයෙන් තැනූ බිත්තියටම හේත්තු වන විට....දස්කාල් අසලට පැමිනි දෙව්දාර් ඔහුගේ මුහුනට පහත් වූයේ....දස්කාල් දෑස් තදින් වසා ගන්නා මොහොතක....දෑස්ද වසා ගනිමින් තොල් අගත් තදින් සපාගෙනම තමාට ඉදිරියෙන් බිත්තියට පිටදී සිටිනා තරුනයා දැක සමච්චලයට සිනහවුනු දෙව්දාර් මෙතෙක් කලක් දස්කාල්ගේ වම් නේත්‍රය වසා තිබුනු කේෂයන් කොටස් පසෙකට කලේ කිසිවෙකු නොදුටු ඔහුගේ වම් නේත්‍රය දෙව්දාර් හට දර්ශනය කරමින්...ඒ නේත්‍රයටම පහලින් වන්නට පිහිටි මකරෙකුගේ හැඩය ගත් වියලී ගිය තුවාල කැලැල දුටු දෙව්දාර් කටකොනකට සිනහවී පැවසුවේ
"එසේනම්..නුඹ දැනුවත්"
මෙතෙක් වේලා පියාගෙන සිටි දෑස් ඔහුගේ ඒ ස්පර්ශයෙන් විවර කල දස්කාල්......ගැඹුරු හඩින් පැවසුවේ
"ඇත්තෙන්ම දෙව්දාර්"
පෙරදී සැම දිනකම දස්කාල්ගෙ හඩෙහි කෙලිලොල් තාරුණ්‍ය බවක් ගැබ්ව තිබුනද අද නිතැතින්ම බැරෑරුම් ගැඹුරු හඩක් ගෙන තිබුනේ දෙව්දාර්ට පවා වෙනසක් එක්කරමින්...
වෙනදාක කුමන වේලාවක වුව පවුරු යැයි කියමින් කෙලිලොල් අයුරින් කෑගසනා මේ තරුණයා අද බැරෑරුම් ලෙස තම සැබෑ නාමය පැවසීම චන්ද්‍රසෙන්පති දෙව්දාර් හට අමුත්තක් ගෙන දුන්නා..
"කවදාද දැනගත්තේ"
දැනෙන අමුත්ත පසෙක දැමූ දෙව්දාර් දස්කාල් එතැනම සිටියදී සයනය අසලට ඇවිද ගියා
"ප්‍රතමයෙන් නුඹ පවසන්න..."
එයට සමච්චල් ලෙස සිනහසුනු දෙව්දාර්
"මගේ මතකයේ ඇති ලෙසට නම් ප්‍රතමයෙන් විමසුවේ මා"
එයට ඇඹුල්ව ගිය මුහුනින් යුතුව දෑත් ඉදිරියට ගෙන දෙව්දාර් අසලට ගිය දස්කාල් සිනහවෙමින්ම ඔහුට ආචාර කරමින්
"සැමදා ලෙසටම ඔබ දිනුම්"
මේ විකාර හැසිරීම දෙස බලා සිටි දෙව්දාර්
සුපුරුදු ලෙසටම පැවසුවේ
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්‍යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...