දෙව්දාර් සිනහ වූවෙය...සැබෑවටම තම අක්ඥාණ මිතුරා හේතුවෙන් හේ සැබෑවටම සිනහ වූවේය...
දෑසට ඉනූ කදුලැලි පිස ගැනීමටවත් ඉඩක් නොතියා කිසිවෙකු විත් දෙව්දාර්ව වැලදගත්තේ ඔහුව සයනයේ කොනටම තල්ලුව යන විටය..."නොසන්ඩාලයා අවසානයේ තෝ නැගීසිටියා"
ඉදින් මේ ඔහුගේ කෙසග අස්වයායි...ඇටමිදුලු කුඩුව යන්නාක් මෙන් තදින් වැලදගෙන ඉන්නා භාතිගේ දෑතින් අල්වාගත් දෙව්දාර් කෑගැසුවේය...
"ඌහ්...මුග්ධයෝ වේදනායි...වේදනයි"
දෙව්දාර්ගේ මොරගෑමෙන් තිගැස්සුනු භාති ඔහුගෙන් විදුලියක වේගයෙන් ඉවත්වූවේය...
"කොහිද...සමාවෙන්න ඉදින්...කෝ වේදනයිද"
"නොවේ...බොහෝ සනීපයි"
භාති කලබල වූවත් දෙව්දාර්ගේ සමච්චල් සිනහව නම් ඔහුට බොහෝ දෑ පැවසූ අතර කෝප වූ භාති දෙව්දාර්ගේ උදරය වෙත තද පහරක් ගැසූවේ ඒ පහරෙහි තද බව හේතුවෙන් දෙව්දාර් හට දෑසට කදුලු උනනා විටය...
"ආහ්...අනුවන කැනහිලා....තෝ තෝ....ආවූහ්....මගුල"
උදරයත් දෑතින්ම අල්වාන් පහතට නැවී කෑගසන දෙව්දාර්ගේ උර වෙත කුඩා තට්ටුවක් දැමූ භාති සයනයකොනෙන් හිදගත්තේය...
"ඔය..දස් එතරැම්ම හඩද්දී වුව හැගීම් නොමැත්තා සේ නිදන් සිටියට..."
ඉදින් අවසන භාති සිය නිදහසට කරුණ ඉදිරිපත් කල අතර දෙව්දාර් ඇඹුල් වූ මුහුනින් ඔහු දෙසට හිස හැරෙව්වේය...
"ආහ්...මුග්ධයො..ඉදින් මා අවධි වූයේ....දැන් තෝ පහර දුන් අයුරට නම් මා නැවතත් සිහිසුන් වේවි...ඌහ් වේදනයි"
ඉදින් එලෙසකින් මේ කෙසග තුරගා හට පැරදිය යුතුද..හහ් කිසිදා නැහැ....
දෙව්දාර් නොමැති වේදනාවක් ආරූඪ කරගනිමින් සයනය මත වැටුනු අතර භාති නොවෙයි දෑස ඔසවා වත් ඔහු දෙස බැලූයේ....
"ආහ්...වේදනයි"
භාතිගේ අවධානය නොලැබුනු තැන දෙව්දාර්ගේ කටහඩ උස් වූවේය...
"මුලා කිරීම නවත්තපන් දෙව්දාර්"
භාති එසේකීමත් සගම දෙව්දාර් මොහොතකින් සයනය මත කෙලින් වූවේය....
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්‍යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...