__°88°__

362 84 34
                                    


එකින් එක දින ගෙවී ගියේ බොහොම මන්දගාමීව වග දස්කාල්ගේ අදහසයි..

කාලන්ගේ මදින් මද වෙනස් වන බැලුම්

ශිල්‍යාගේ දෙව්දාර් වෙතම එල්ලී සිටීමට දරන උත්සහයන්

රාජයත්වය නොදැරුවත් රටවැසියාගේ අවධානය

මෙන්ම

කාලිගේ මතකයන් මෙකී දින කිහිපය තුල දස්කාල් ව අධික වෙහෙසකට පත් කර තිබුනි ...

ඊටත් අධිකයෙන් භාති නි‍රන්තරයෙන් තමන් හා නොරැදී නගරයෙන් පිටට යන්නා වූ ගමන් දස්කාල් පමණක් නොව දෙව්දාර් ,සමුද්‍ර හා ශියා පවා පීඩාවට පත් කර තිබුනි..

කෙසේ උවත් ඒ සියල්ලට අධිකයෙන් ඔවුන් සියල්ලන්ම භාතිව සැක කලේ නැති....

මේ වසර කිහිපයටම ඔහු කෙදිනකවත් මේලෙසින් හැසිරී තිබුනේ නැත..ඔවුන්ට නොපවසා කරනා කිසිදු රහස්‍යමය කටයුත්තක් ඔහුට තිබුනේ නැත..ඒ උවත් ඔවුන් සියල්ලන්ම බලාන සිටියේ භාතිම පැමින කාරණය පවසන තුරුය..ඔහුගේ ජීවිතයට බලෙන් ඇතුලු වීමට කිසිවෙකුට උවමනා නොවීය..

ඊටත් වඩා සියල්ලන්ම තමාගේ අයියණ්ඩියව ප්‍රාණ සමව විශ්වාස කලේය..එකී විශ්වාසය කිසි දිනෙක භාති අතින් නොකැඩෙන වග ඔවුන්ගේ සිත් තුල පැවති එකම කරුණ විය..භාති එය රකීවී යන විශ්වාසය ඔවුන් සැමගේ සිත් තුල විය..

චන්ද්‍ර හා සූර්‍ය සෙන්පතීන්ගේ කියමන සනාත කරමින් අසුර සෙන්පති එදින මිය නොගිය බවත් ඔටුනු නොපැලදූ නව රජුන් හට අභියෝග කරමින් අවසන් සංග්‍රාමය උදෙසා එවූ සටන් අභියෝගයත්

දැනටමත් එක්කාසුවී ඇති අසුර සෙබලුන් පිලිබදව පැතිර යන කටකතාත් දෙරාජ්‍යයේම සාමාන්‍ය ජනයා අතිශය බිය වද්දවා තිබුනි...

මෙකී දින කිහිපයේම දස්කාල් ඇතුලු පිරිසගේ මුක්‍යතම කාර්‍ය වූයේ යුධ සෙබලුන් සංග්‍රාමයට පුහුණු කිරීම අමතරව දෙරාජ්‍යයේම සියලු ජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීමය..

හුදෙක් රාජ්‍යත්වය උදෙසා සිදුකරගෙන යන සටනකට සටන් කිරීමේ හැකියාවක් නොමැති සාමාන්‍ය ජනයා මැදි කර ඔවුන් හට අනතුරක් කිරීම දස්කාල් හට කිසි ලෙසකින් වත් වුවමනා නොවීය..

°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]Where stories live. Discover now