"ඔය විවර වූ මුඛය වසාගෙන පැමිණෙනවා සමුද්‍ර..."
ඉදින් නැත...එවේලෙහි විස්මයට පත් වූ අයුරින්ම සමුද්‍රගේ මුව තවමත් විවර වීය..
දෙව්දාර් ඉදිරියෙන් ඇවිදන් යද්දී භාති එසේ කියමින් සමුද්‍ර හට කුඩා පහරක්ද ගසමින් ඉදිරියට ඇවිදන් ගියේ දස්කාල් නම් වටපිටෙහි සුන්දරත්වය විදිමින් ඇවිද යද්දීය...
කාල පැහැයෙන් හා රිදී පැහැයෙන් හැඩවුනු මන්දිරය පිටුපස අලංකෘත වූ ගංදියක් පිහිටියේය...
විසල් ද්වාරය හැරි දෙව්දාර් මැදුර තුලට පිවිසියේ අනෙකුන්ද ඔහු පසුපසින් ඇතුලට පිවිසෙන විටදීය...
ඉදින් පිටතටත් අදිකයෙන් ඇතුළත අදිකයෙන් සුන්දර වූවේය...
මහල් ත්‍රිත්වයක් සේ පෙනුනු දිනේන්ද්‍රාන්තය ඇතුලතින් ජේඩ් පළිගු මෙන් දිළිසෙමින් පැවතුනි....
කාල පැහැ බිත්ති මත රිදී පැහැ පළිගුයෙන් හැඩ වුනු අලංකෘත මැදුර වෙත යමෙකු වශී නොවුනහොත් පුදුමය..
එය එතැරැම්ම මනරම් වූවේ වෙයි...
දස්කාල් හට සිනහ නැගුනේ...මැදුර තුලම කෙලවරක තිබි ධවලරෝස උද්‍යානය දැකය...
කාල පැහැයෙන් හැඩවුනු මැදුරට ධවල පැහැ රෝසයන්ගෙන් ගෙනෙන්නා වූ අලංකාරය විස්තර කල යුතුමද...නොවේනේ...එය අතිශයෙන් රමණීය වූවේය...
"සූකරයෝ...කවුරුන්ද මෙහි ආකෘතිය සෑදුවේ"
තවමත් පහව නොගිය විස්මයෙන් සමුද්‍ර අසනා විට දස්කාල් සිනහසුනේය...
"කිමද ඔබටත් තනන්නටද?"
"ඔව් ඉදින්...මා හට තිබෙන්නෙ අර මගුලෙ උන් දුන් මන්දිරයනෙ...."
ඉදින් ඔහු පැවසුවේ සත්‍යය...සූර්ය සෙන්පති හට හිමිව තිබුනේ රජතුමන් විසින් ප්‍රධානය කල මැදුරය...කොතරම් සැපපහසු වූවත් එය මාලිගය හැරුනු එඉට රාජ්‍යයේ තිබි මිලාදිකම කුටිය වූවත්...
සමුද්‍ර හට එහි කිසිදු ප්‍රියතාවයක් නොවීය...
"පවසනවකො...මගුල..."
ඉදින් ඔන්න සමුද්‍ර හට මෙහි ආකෘතිය තැනූ පුද්ගලයා දැන ගැනුමට හදිස්සියකි...
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්‍යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...