__°93°__

345 85 12
                                    


භාති හා ශියා මතකයන් පමණක් ඉතිරි කර හැර ගිය දිනට හරියටම මසකට පසු දස්කාල්ගේ හස්තයෙන් ඔවුන්ගේ කුඩා ගෙපැලේ ද්වාරය විවර කෙරිනි...

කලකට ඉහතදී දෙව්දාර් සාදා දුන් නව ද්වාරය සවි නොකර පැරණී ද්වාරයම සවිකිරීම හේතුවෙන් දැන් එය විවර කිරීමටත් නොහැකි මට්ටමට අබලන්ව පැවතියද හිස් හැගීමකින් ඒ දෙස බැලූ දස්කාල් හට පෙර මෙන් ඒ කිසිවක් දැනුනේ නැත...

ද්වාරයේ චර චර !! ශබ්දයට දස්කාල්ගේ සයනය අසල තිබි අබලන් වූ අසුනෙහි හිදගෙන සිටි භාති අමනාපයෙන් හැරී ඔවුන් වෙත බලා ඔරවා නැවතත් අනෙක් පස හැරුනේ ගස්සමින් ය...

"හහ්...මෙතරම් කලකට පසුද මා මතකට නැගුනේ....හුහ්...යනු යනු..මසකට පසු ඇවිදින් මෙතැන...ම්හ්ම්..මා අමනාපයෙන් චක්‍රා...''

භාතිගේ වදන් දස්කාල්ගේ දෑසට කදුලු ගෙන ආවේය...

"ස..සමාවෙන්න භාති...මා ඔබව සෙවූවානේ සෑම තැනකම...ඔබ පැමිනියේ නැහැනෙ...මා..මා..."

දස්කාල්ගේ වදන් ගනනකට නොගත් භාති නැවතත් සිය උපරිම උත්සහයෙන් රවා බැලූයේය..

"මා අන් කොහි යන්නද...හුහ්...උවමනා ස්තානයෙහි නොසොයා..අනෙක් තැන් වල සොයලා ම්හ්...යනු යනු..මා නුඹ සමග කතාවක් නැහැ..."

"සමාවෙන්න භාති..මා පැමිනෙන්න ප්‍රමාද වූවා...භාතීඊඊ.....ඉදින්...අසන්නකො...!"

දෙව්දාර් දස්කාල්ගේ උර මත සිය හස්තය තැබූයේය...හේ ගැස්සී දෙව්දාර් දෙස බැලූයේ කදුලු පිරි දෙනෙතිනි...

දෙව්දාර්ගේ අපිරිමිත ශෝකී දෑස්වල බැල්ම වටහාගත් දස්කාල් විගසින් භාති හිදගෙන සිටි අසුන දෙස බැලූයේය...

මාසයකින් පමණ කිසිවෙකු පිරිසිදු නොකල නියාවෙන් බැද තිබුනු මකුලු රාජධානිය ඇරුනු කොට මේ මොහොතේ භාති එහි හිද සිටි බවට චායා මාත්‍රයක්වත් එහි නොතිබින...

දස්කාල් තිගැස්මෙන් ඒ දෙසට සිය හස්තය දිගු කරලීය...

අසහාය මකර සෙන්පතිගේ කටහඩ බිදී යමින් පැවතුනි..

"ඔහු සිටියා ධාර්...අපගේ භාති..අනේ ඔහු එතැන සිටියානෙ...කොහිද ඔහු...!!"

°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]Where stories live. Discover now