"චක්‍රා..ම්හ්ම්.. මා නොමැතිව අර අමනයා හා විවාහ වීමටද තනනුයේ..
අසාධාරණයි චක්‍රා..එහි එතරම්ම රාජකාරි තිබෙනා මාව අමතක කර හුහ්ම්..අමනාපයි මා ඔබ සමග.. "
ඒ සිටියේ ඔහුමය...හිස වටාත් උදරය වටාත් වස්ත්‍රය උඩින් බැද සිටි රුධිරය තැවරුනු රෙදි කඩ හැරුනු කොට ඒ නම් ඔහුගේ රුවමය..භාතිගේ රුවමය..
ඔහුගේ වදන්වලින් අනතුරුව ප්‍රතමව සිහි එලවාගත්තේ සමුද්‍රය....
නැගිටීමට ගොස් නැවතත් භූමිය මතට ඇදවැටුනු සමුද්‍ර තව වාරයක් උත්සහ කොට නැගීසිටියේය...
හේ වේගයෙන් දිවගොස් ඔහුව තද කොට වැලදගත්තේ ඔහු සමුද්‍රත් සමගම එක් අඩියක් පසුපසට බර කරනා විටය...
"උලව්ව භාති...නුඹ මෙතරම් කල් හැමිනුනාද මගුල...හහ් මෙතරම් කාලයක් මෙතරම් කාලයක් අපගෙන් දුරස්ව එකී මගුලෙ සන්දේශයකුත් තබා ගොසින්..මෙතරම් කාලයක් නුඹ කුමන උලව්වක්ද සිදුකලේ...අමනයා...නුඹව මා මරා දමනවා.. උද්දච්ච කැනහිලා...මුග්ධ පිසාචයා...මා..මරා දමනවා'
එතරම්ම කාලයකට පසු සමුද්‍ර ඔහුගේ සුපුරුදු බසින් ඇමතුවේ ඔහු දැකි පසුය....කතා කරගැනීමටත් නොහැකි තරමින් ගැඹුරු සුසුමක් ඇදගත්
සමුද්‍ර සිය දෑස් තදින් පියාගන්මින් ඔහුව වැලදගත්තේය..තදකොට වැලදගත්තේය...නමුදු පෙරදා මෙන් භාතිගේ වැලදගැනීමකදී ලැබෙනා උණුසුමත්, ආපිට නැවත වැලදගැනීමත් ,සමුද්‍රගේ නලලතට පහරක් ගසමින් භාති නගනා සිනහවත් එදින ඔහුගෙන් නොලැබෙනා කල
ඔහු වටා තිබූ සමුද්‍රගේ දෑත් දෙපසට කඩාන වැටිනි...වේගයෙන් සුසුම් ඉහලට ගනිමින් අඩියක් පිටුපසට තිබු සමුද්‍රගේ මුව දෙසට එල්ල වී තිබූ ඔහුගේ කාලපැහැ නයනයන්ගේ ශෝකාකූල බැල්මෙන් සියල්ල වටහාගත් දෙව්දාර් ඇද වැටීමට ගිය දස්කාල්ව සිය ගතට වාරු කරගත්තේය...
"මහෝත්තම අධිරජුන් කිරුලු නොපන් බවයි ආරන්චිය..කිමද චක්‍රා..මා මියගිය බව විශ්වාස කරනුයේ නැතිද?..මගේ චක්‍රා..තවමත් මා සොයනවාද?!"
ඔහු සිය අතිශය ශෝකාකූල දෑස් ඔවුන්ගෙන් ඉවතට නොගෙනම විමසුවේය..
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්‍යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...