_සූර්‍ය මාලිගය_
සිහසුනෙහි හිදගෙන සූර්‍ය රජු වූ කණ්ඨක සිටියේ යමක් කල්පනා කරමින්....යමෙකුගේ පා හඩ ශාලාවේ දෝංකාර දුන්නද..ඔහුට එය නෑසුනේ ඔහු කල්පනාවේ ගිලි සිටි හෙයින්...
"පියාණෙනි......"
"..............."
"පියාණෙනි...ඇසෙනවද?"
"ආහ්...කාලන්...කුමක්ද?"
කුමරුගේ හඩත් සමග රජු කල්පනාවෙන් මිදුනා...
"පියාණන් කුමක්ද ඔතරම් කල්පනා කරන්නේ?"
"කිසිත් නැහැ..කාලන්"
"කිසිත් නැති විය නොහැකියිනෙ පියානෙනි..මා දැන් කිහිපවිටෙකම දුටුවා..ඔබ යමක් ගැන බොහෝසෙයින් කල්පනා කරනවා"
එයට මදක් සිනහසුනු රජු සින්හාසනයෙන් නැගිට කාලන් වෙත ඇවිද ආවා...
"හ්ම්..නුඹ එය දුටුවාද...කාරනය මෙයයි කාලන්...නුඹේ මාමා..."
"මාමා....භාතිය මාමණ්ඩිද පියානෙනි?"
"හ්ම්...ඔහු තමා...ඔබ දන්නවානෙ අප දෙදෙනා සොයුරන් වුවද සතුරු බව"
"මා පමණක් නොවෙයි...මුලු රාජ්‍යම එය දන්නවානෙ පියානෙනි"
සුසුමක් හෙලූ රජතුමා නැවතත් කතාකලා
"හ්ම්...නමුත් ඔබ දන්නවාද අප සතුරන් වූ කාරනය"
"නැහැ පියානෙනි..ඔබ කෙදිනකවත් මා හට පැවසීමට උත්සහ නොකල හෙයින් මා විමසුවෙ නැහැ...".
''සැබැවින්ම එය විසල් කාරණයක් නොවෙයි කාලන්...කුඩා වැරදි වැටහීමක් නිසයි.....හොදයි එය අමතක කරන්න...දැන් ගැටලුව එය නොවෙයි...ඔහු මා හට මිත්‍රත්වයේ ලිපියක් එවා තිබෙනවා..."
"කුමක්ද...නැවත මිත්ත්‍රත්වයක්...ඉදින් එය සුබ නැතිද පියානෙනි"
"එසේ කීමටත් හැකියි..නමුදු ................."
එසේ කියා කතාව අතරමහ නැවතූතම පියා දෙස කාලන් මදක් බලා සිටියා
"එය කුමක්ද පියානෙනි"
"ඔහු පවසන්නේ...මේ අසුර සෙන්පති අප දෙදෙනාහටම තර්ජනයක් කියායි.....ඔහුටත් මා හට මෙන්ම අභියෝග ලිපියක් ලැබිලා....කුමක් වුවත් ඔහු අප දෙදෙනාගේ සතුරෙක්...ඉදින් ඒ නිසා අප දෙදෙනා එක් විය යුතු බවයි ඔහු කියන්නේ...ඔහුගේ නියෝජිතයෙක් අප අසලට එවාවි....අපට කැමති තීරනයක් ගතහැකියි කියායි ඔහු පවසන්නේ..."
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්‍යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...