"දෙව්දාර් ඔබ නැවත සියන්හා බලා පිටවිය යුතුයි ....විගසින්"අනෙක් අය ප්‍රශ්නාර්ථ බැල්මෙන් රජුන් දෙස බැලුවද දෙව්දාර් නම් මෙවැන්නක් පෙරදීම අපේක්ෂා කලේය..
"මා පිටවෙන්නම්..."
දෙව්දාර් කෙලින්ම පැවසූ විට කාලන් හට නම් මද සිනහවක් නැගෙනු හේ දුටුවද ඔහු එය නොදුටු ලෙසින් මගහැරියේය..
"නමුදු...සමුද්‍ර ඔබට හා මේ තරුණයන් දෙදෙනා හටද පිටත් වීමට සිදුවේවි"
තවත් මද වේලාවක් තම සොහොයුරාගේ හසුන් පත දෙස බලා සිටි කන්ඨක රජුන් එසේ පවසන විට කාලන් ගේ සිනහමුසු මුහුණ ක්ෂනයෙන් ඇදව ගියේ..දෙව්දාර් නැවතත් පිටව යාවියැයි බියෙන් සිටි දස්කාල්ගේ මුවග නම් සුපුරුදු ලෙසින් ආලෝකමත් වන විට....
දෙව්දාර්ගේ මුව නම් සුපුරුදු ලෙසින් හැගීම් විරහිත වුවද හේ සිත යටින් නම් සමච්චලයෙන් සිනහවුනි....
ඉදින් කෙසේනම් තමාගේ ඔහුව දමා යන්නද?...ඔහු පෙරදී මෙවැන්නක් අපේක්ෂා කල හෙයින්ම කිසිවෙකුට නොදැනෙන ලෙසින් සියල්ලක්ම සංවිධානය කලේය....
කෙසේ වුවත් දස්කාල් ප්‍රශ්නාර්තය පිරි මුවෙන් ඔහු දෙස බලනා විට දෙව්දාර්නම් නම් ඔහු සිටියේ මේ කිසිවකුත් නොදන්නා අයුරෙනි...
ලග තබා ගන්නට අවැසි වූවා කියා එය ප්‍රදර්ශනය කල යුතු නොවේනෙ...
"පියානෙනි...මේ සියල්ලන්ම පිටව යාම සුදුසු නොවේ...සමුද්‍රව මේ රාජ්‍යට අවශ්‍යයි...එවිට...මේ අස්වපාලකයන් දෙදෙනෙකු කුමකටද?..."
දෙව්දාර්ගේ කල්පනාවට භාදා පමුනුවමින්...කාලන් පවසනා විට කණ්ටක ද එදෙස බැලුවා වුව ඔහුගේ තීරණයේ වෙනසක් සිදු නොවුනි...
"මේ මොහොතේ සමුද්‍රව කාර්‍යන්ගෙන් නිදහස් කල හැකියි කාලන්...අනෙක් කාරණය නම්..ඔබේ මාමණ්ඩි කැදවන මේ හමුව නිසැකයෙන්ම රහස්‍ය එකක් විය යුතුයි....ඉදින් මොවුන් තිදෙනා හැරෙන්නට අනෙක් අයව මේ මොහොතේ විශ්වාස කල නොහැකියි"
මෙයට කොතැරැම් අකමැති වුවද තම පියා පවසන්නේ සත්‍යක් බව කාලන් හට නොවැටහෙනවා නොවේ....ඉදින් හේ අකමැත්තෙන් වුව එයට එකගවුනි....
.
.
.
.
.
.
.
.
ඉදින් එදින අලුයම දෙකෙහි හෝරාව වන විට ප්‍රධාන මාලිගා ද්වාරයෙන් හොරරහසේම අසරුවන් සතර දෙනෙකු විජ්ජුලතාවන් පරදන වේගයෙන් නික්මුනි.....
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්‍යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...