තෙවන කොටස....❤️💚

1.3K 292 78
                                    

"කෑ ගසන්න එපා... ඔබේ පියාණන්ට ඇසුනහොත් ඔබව හම ගසාවී..."

කියුටි බූ ශාන්ට ඔලුවට එකක් ඇන පැවසුවේ යම් දෙයක් වීමට පෙරය..

"ආව්...!මට කම් නැහැ..එපමණයි දැන් අඩුව ඇත්තේ...."

ශාන් බූට එසේ පැවසුවේ රවාගෙනය...😡😡

එකවරම ශාන්ගේ කුටියෙහි ද්වාරය විවර විය......

"මං සිතුවා පියාණන් ඔහුගේ තීරණය වෙනස් කරාවි කියලා..මගේ පියාණන් හරිම හිත හොඳ මනුෂ්‍යයෙක්..."😌😌

ශාන් එසේ පවසා අඩි දෙක තුනක් ඉහළින් ද්වාරය අසලට සිනා මුසු මුහුණකින් පැමිණියේ හරිම ආඩම්බරයෙනි....

"මා නම් සිතන්නේ නැහැ ඔහු එසේ කරයි කියලා..."

කියුටි බූ එසේ පවසමින් ශාන් පිටුපසින් දිව පැමිණියා...

"උතුමාණන් පැවසුවා ජෙනරාල්වරයාගේ නිවහනට පිට කර හැරීමට ඔබව සූදානම් කරන ලෙස..."

"මොනවා...."😳😳

ශාන් ඇස් දෙක ලොකු කරන් සේවකයින් දෙස බලා සිටින්නේ ඔහුගේ බලාපොරොත්තු බලා සිටිද්දීම බිඳ වැටුනු නිසා....

කියුටි බූට එය ඇසුනු සැනින් ඌරකු හඬ ගාන සේ හිනාවක් පහළ විය...😂😂

"ඔබ මාව පාච්චලයට ලක් කරද ඔය ලෙස සිනා සෙන්නේ...."

"නැත ස්වාමීනී...මා ඔබට එසේ සිදු කරනවාද..."

"ඒකම තමයි දැන් මට පවතින සැකය...."

ශාන් එසේ පවසා අහක බලා ගත්තා...සේවකයින් ශාන්ව ඇදගෙන පිරිසිදු වීමට නාන තටාකය දෙසට ගියා....

"ආ..මට පැමිණිය හැකියි.....මා පොඩි එකෙක් නොවේ නෙ...අත හරිනවා මාව..."

ශාන් හොඳටම දඟලනවා...

සේවකයින් ඔහුට තනිවම ස්නානය කිරීමට දී කුටියෙහි පිටතින් රැඳී සිටියා....

ශාන් කල්පනා කරමින්....

"මා මෙය මඟ හැරියොත් හෝ පලා ගියහොත් මගේ පවුලට එහි විපාක විදීමට සිදු වේවී...😓😓
එහෙත් මාත් මනුස්සයෙක් නොවෙද....මා කෙසේද මුර්ගයෙක් සේ පවසන එකෙකු සමඟ ජීවත් වන්නෙ...
ශාන්....ඔබ ඔබේ මෑණියන් උදෙසා මෙය සිදු කළ යුතුමයි....මට ඔහු අකමැති වුවහොත්....නැවතත් මාව හරවා එව්වහොත්....නෑ නෑ....කෙසේ හෝ ජෙනරාල්වරයාට මා කෙරෙහි කැමත්තක් ඇති කරව ගත යුතුයි.....එසේ කෙසේ කරන්න ද නමුත්...මාවත් මරා දමයි...කම් නැහැ...ඉදිරියට සිදු වන දේ පසුව බලමු...."🤔🤔

General's Partner  (Yizhan Completed)Where stories live. Discover now