_06_

336 105 20
                                    

Hypnotized - 06

__________ ♡ ____________


වෙනදටත් වඩා හවස් වෙලා තේ පානය කරපු ජන්හිට රෑට කන්න තරම් පිරියක් තිබුනෙ නෑ. ඔම්මගෙ ඇවටිල්ලෙන් කොහොම හරි බේරුන ඇය වෙනදට කලින් ඇදට ආවෙ හිතට දැනුන විඩාව හින්දා කියලා නම් විශ්වාසයි.

ඇයට තවමත් ඒ සිදුවීම අමතක කරන්න පුලුවන් වෙලා තිබුනෙ නෑ. මේසය උඩ තිබුන රතු රෝස පොකුර පරවෙන්නත් ගිහිල්ලා. ඒ දිහා බලාගෙනම ඇය අන්තිමේදි නින්දට වැටුනා.

ඔව්.. හැමදේම හොඳින් සිදුවේවි..

හැබැයි සමහර විට..

~~~~~~~~~~

ඒක උදයක්..

ජන්හි හිටියෙ සිනිදු වැලි පිරුනු මුහූදු වෙරලෙ වාඩිවෙලා. ඇය ඇදන් හිටපු දුහුල් ඇදුම මුහුදු සුලගට එහෙ මෙහෙ ගියේ ඇගේ දළ පැහැති හම ටිකක් පිටතට නිරාවරන වෙලා.

ඇය..

සමහර විට අලංකාරයේ ප්‍රතිමූර්'තියක් වෙන්න ඇති.. ඔහුටම ගැලපුනු..

ටිකක් ප්‍රමාද වුනත් ඒ වෙරලට ඔහු පැමිනිලා තිබුනා. එදත් වෙනදා වගේම දවසක්..

වෙරලෙ වාඩිවෙලා හිටපු ජන්හි එයා දිහාවට ගියා. ඇයට ඕනි වුනා ඔහු දිහා බලලා හිනාවෙන්න. ඒ වුනත් ඇගේ හිත ඒ තරම්ම උද්‍යෝගිමත් වුනේ නෑ වගේ.

ජන්කුක් ජොන් හිටියෙත් දුහුල් වර්.න ඇදුමකින්. ජන්හිගෙ ඇස් දිහා බලලා හිනාවුන ඔහු තවත් ඇය අසල රැදී නොඉද මුහුද දිහාට ඇදුනා.

ජන්හිට තේරුනා වෙනදා වගේම ඔහු යන්න යන වග. ඇත්තටම ඇයට ඕනි වුනා ඔහු යන්න කලින් එකම එක වතාවක් හිනා වෙන්න.. ඒත් ඇයගෙ ආඩම්බරකාර හිත.. ඒක ඇගේ අහිංසක පැතුමට ඉඩ දුන්නෙ නෑ.

අන්තිමට ඔහු මුහුද දිහායින් මතු වුන ඒ සුදු ආලෝකය දිහාවටම ඇදිලා අතුරුදහන් වෙලා ගියා.

.
.
.
.
.
___________ ♡ ___________
.
.
.
.
.

Feeling hypnotized by the words that you said

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Feeling hypnotized by the words that you said...

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..

A_Shee1 ~

HYPNOTIZED | JJK ONESHOT | ✔️Where stories live. Discover now