_18_

273 93 6
                                    

Hypnotized - 18

__________ ♡ __________


ඒක උදයක්..

ඇය හිටියෙ සිනිදු වැලි පිරුනු මුහූදු වෙරලෙ වාඩිවෙලා. ඒ ඇදන් හිටපු දුහුල් ඇදුම මුහුදු සුලගට එහෙ මෙහෙ ගියේ ඇගේ දළ පැහැති හම ටිකක් පිටතට නිරාවරන කරලා.

ටිකක් ප්‍රමාද වුනත් ඒ වෙරලට ඔහු පැමිනිලා තිබුනා. එදත් වෙනදා වගේම දවසක්..

වෙරලෙ වාඩිවෙලා හිටපු ජන්හි එයා දිහාවට ගියා. ඇයට ඕනි වුනා ඔහු දිහා බලලා හිනාවෙන්න. ඒ වුනත් ඇගේ හිත ඒ තරම්ම උද්‍යෝගිමත් වුනේ නෑ වගේ.

ඔහු හිටියෙත් දුහුල් වර්'න ඇදුමකින්. ඇගේ ඇස් දිහා බලලා හිනාවුන ඔහු තවත් ඇය අසල රැදී නොඉද මුහුද දිහාට ඇදුනා.

ඇයට තේරුනා වෙනදා වගේම ඔහු යන්න යන වග. ඇත්තටම ඇයට ඕනි වුනා ඔහු යන්න කලින් එකම එක වතාවක් හිනා වෙන්න.. ඒත් ඇයගෙ ආඩම්බරකාර හිත.. ඒක ඇගේ අහිංසක පැතුමට ඉඩ දුන්නෙ නෑ.

අන්තිමට ඔහු මුහුද දිහායින් මතු වුන ඒ සුදු ආලෝකය දිහාවටම ඇදිලා අතුරුදහන් වෙලා ගියා.

ඒත් අද එකම එක වෙනසක් තිබුන බව අවසිහියෙන් හිටපු ඇයට වැටහුනා.

ඇයට අඩන්න බෑ.. තමන්ගෙ කටහඩ නැතිවෙලා. එහෙමත් නැත්නම් තමන්ගෙ ශරීරෙ නැති වෙලා..

ඇයට දැනුනෙ එකම දෙයයි..

ඒ ඇය තමන්ගෙ ආත්මයේ පමනක් හිටපු බව..

.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

Feeling hypnotized by the words that you said

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Feeling hypnotized by the words that you said...

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..



A_Shee1 ~

HYPNOTIZED | JJK ONESHOT | ✔️Where stories live. Discover now