_39_

200 79 10
                                    

Hypnotized - 39

__________ ♡ __________


ඉරිසියාකාර චූටි ගැහැනු ළමයා තමන්ගෙ උපැස් යුවළ ගලවලා උණු කෝපි කෝප්පෙ මතින් තිබ්බා.

" මොකටද කතා කලේ..?"

ඇත්තටම ඇගේ කටහඩ හරිම නපුරුයි. එහෙම නැත්නම් අහංකාරයි.

" පොඩි දෙයක් දැන ගන්න. මොකද කඩාගෙන පනින්නෙ..!?"

අර කඩවසම් කිම් ඇයට රැව්වා. ඇය ඉවත බලා ගත්තා.

" ඇගේ අතීතය ගැන මොනාහරි දන්නවද ඔයා..? අපේ ප්‍රතිකාරය හරි ගියේ නෑ.."

" මේ.. තමුන් දන්නවද මට ඔය වෛද්‍යවරු කියන අයව පෙන්නන්න බැරි කියලා..?"

ඇගේ ප්‍රශ්නයට කඩවසම් තරුනයා ආපහු රැව්වා.

" තමන්ගෙ ප්‍රතිකාර වැරදුනාම එයාල තමන්ගෙ ප්‍රතිකාරයේ වැරදි අඩුපාඩු හොයලා බලන්නෙ නැතුව රෝගියගෙ වැරදි කියනවා. විශේශයෙන්ම ඔය මානසික වෛද්‍යවරු කියන අය.."

" තමුන් හරි ලොකුවට තමන් ගැන හිතන් ඉන්නවා වගේ. විශ්ව විද්‍යාලෙට ගිය එක එච්චර ලොකු දෙයක් නෙවෙයි.."

" මට නැති වුන දේවල් එක්ක බලද්දි ඇත්තටම ඒක ලොකු දෙයක් නෙවෙයි මහත්මයා..!"

ඇය ඔහුට අවශ්‍ය හැම තොරතුරක්ම පෞද්ගලිකත්වය ආරක්ශා වෙන පරිදි ලබා දීලා කඳුලු පිරුනු දෑසින් පිටවුනා. කොහොම වුනත් කිම් හිටියෙ අර 'මහත්මයා' කියන ආමන්ත්‍රනේට පුදුම වෙලා ද කොහෙද..!

.

.

' මොනාද එයාට වුනේ...!'

කිම් එතනින් එහාට හිතන්න ගියෙ නෑ.






.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

Feeling hypnotized by the words that you said

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Feeling hypnotized by the words that you said..

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..




A_Shee1 ~

HYPNOTIZED | JJK ONESHOT | ✔️Where stories live. Discover now