_08_

307 102 22
                                    

Hypnotized - 08

__________ ♡ __________

" ගුඩ් මෝනින් පුතා.."

" ගුඩ් මෝනින් ඔම්මා.. ඔම්මා අද නම් කෙලින් ඇවිදිනවා නේ..? ඊයෙ අප්පට නිදි බෙහෙත් දුන්නා නේද..?"

" පොඩි පුතා ඔයා දැන් ගානට වැඩියි හරිද.. උදේම මාව කේන්ති ගස්සනවා.."

" ජෝක් එකක්නෙ කලේ ඔම්මා ඉතින්.."

ජන්කුක් හා දත් දෙක පෙන්නලා ඔම්මගෙ කම්මුලේ හාදුවක් තියනවා වගේ කෙල ගොඩකුත් ගාලා ඔම්මා හැන්දෙන් පාරක් දෙන්න කලින් කෑම මේසෙට වාඩි වුනා.

" මට කිය කිය ඉන්නැතුව දැන් තමුනුත් පුරුදු වුනා නම් හොඳයි නේද..?"

" මන් නෙවේනෙ කොර ගහන්නෙ අම්මා.. ඔයාගෙ චූටි පුතා දස්සයා.. මන් ගානට වැඩේ දෙන්නම්කෝ.." ජන්කුක් ඔම්මට ඇහැකුත් ගැහුවා.

" ඒක නම් ඇත්ත.. මට තියෙන බය බැදලා මාස නවෙන්ම මූ අප්පෙක් වෙයිද කියලා.."

නම්ජුන් එහෙම කියාගෙන එයාගෙ බිරිදගෙ අතකින් අල්ලගෙන පහලට ආවා.

එයාලාගෙ කෑම මේසය ගොඩක් සන්සුන් බවක් ඉසිලුවා. මේ ජොන් පවුල ඇත්තටම හරිම විනෝදකාමී වගේ.

" අහ් අහන්නකො චූටි පුතා.." එකවරම නිහඩතාවය බින්දෙ වැඩිමහල්ම කාන්තාව.

" ම්ම්.."

" ඊයෙ මිසිස් චෝයි කතා කලා.."

" ම්ම් ඉතින්.."

" එදා අපි එහෙ ගිය දවසෙ ඉඳන් දුව හීනෙන් බය වෙලා කෑ ගහලා අඩනවලු.."

ගානක් නැතුව ඇය එහෙම කිව්වත් ජන්කුක් අතේ තිබුන වතුර වීදුරුව ලිස්සලා මේසය මතට වැටිලා ඉරි තැලුවා. හැමෝම එයා දිහා පුදුම වෙලා බැලුවා.

" මොකක්ද ඔම්මා ඔයා කිව්වෙ.."

" මන්.."

ඉතුරු ටික කියනකල් ජන්කුක් එතන රැදුනෙ නෑ. ජොන් පවුලට ඇහුනා ප්‍රවේගයකින්ම ගමන් ආරම්භ කරලා මහ හඩින් ගමන් කරපු ඔහුගෙ සුඛෝපභෝගී මෝටර් රියේ හඩ.

.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

Feeling hypnotized by the words that you said

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Feeling hypnotized by the words that you said...

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..

A_Shee1 ~

HYPNOTIZED | JJK ONESHOT | ✔️Where stories live. Discover now