_30_

224 82 3
                                    

Hypnotized - 30

__________ ♡ __________


" වාඩිවෙන්න.."

" ස්තූතියි.."

" ඔයා කියපු දේ ගැන මන් කල්පනා කළා.. ඒ දේට විසඳුමක් තියන්නෙ එක් කෙනෙක් ළග විතරමයි. ඒ ජන්කුක් ජොන්.. එයත් විශේෂඥ මානසික වෛද්‍යවරයෙක්. මාත් එක්ක එකම විශ්ව විද්‍යාලයේ.."

" ඔයාට විශ්වාසයිද..?"

" ඔව්.."

" ඔයාගෙ විශ්වාසය බැරිවෙලාවත් කඩවෙලා තිබුනොත් මන් මොකක්ද කරන්න ඕනි..?"

ඇයට තිබුනෙ ආඩම්බරකාර එහෙමත් නැත්නම් ඉරිසියාකාර කටහඩක්ද මන්දා.

" එහෙම වෙන්නෙ නෑ.."

" ස්තූතියි එහෙනම්.. මන් යන්නම්.."

" ඔය විදිහට ඉරිසියාව හිතේ තියා ගන්න එපා. ඒක ඔයාගෙ මානසික සෞඛ්‍යයට හොඳ නෑ.."

" මන් මාව පරීක්ෂා කර ගන්න නෙවෙයි ඔයාගෙන් වෙලාවක් වෙන් කරගත්තෙ.."

ගලවලා තිබුන උපැස් යුවළ දා ගත්තු ඇය මේසය මත තිබුන මුද්‍රිත නවකතා පොත අතට ගත්තා.

' විශ්ව විද්‍යාලෙට තේරුන ආඩම්බරකාර චූටි ගෑනු ළමයි..'

අධික කඩවසම් මූනකට හිමිකම් කියපු ඒ විශේෂඥ වෛද්‍යවරයා මද සිනාවකින් තමන්ටම එහෙම මුමුණ ගත්තෙ තමන්ගෙ කාමරයෙ දොර ඇරිලා වැහෙන හඩට පස්සෙ.





.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

Feeling hypnotized by the words that you said

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.

Feeling hypnotized by the words that you said..

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..



ස්ටිල් විත් යූ ආපහු කියෝලා තනියම අඩපු අසී 🙂👍 මන් රොමෑන්ටික් නෑ හරි නපුරුයි හාත 🙂

A_Shee1 ~

HYPNOTIZED | JJK ONESHOT | ✔️Unde poveștirile trăiesc. Descoperă acum