_21_

250 89 8
                                    

Hypnotized - 21

__________ ♡ __________


මිනිත්තුවක් දෙකක් පුරාවට පමණක් සීමා නොවී හෝරාවකට ආසන්න වන තෙක්ම ඔහු උත්සාහ කරමින් සිටියෙ ඇගෙන් යම් ආකාරයක ප්‍රතිචාරයක් ලබා ගන්න වුනත් ඒ බලාපොරොත්තුව සාර්ථක නොවුන වග පේන්න තිබුනා. නමුත් ඔහුගෙ දෑස් වල බලාපොරොත්තු කඩ වුන බැල්මක් පේන්න නොතිබුන එක නම් තරමක් දුරට පුදුමාකාර වුනාද මන්දා..

වෛද්‍යවරු සාමාන්‍යයෙන් තමන්ගෙ උත්සාහය අවසාන මොහොත දක්වාම දරා ගන්න ආකාරය වෛද්‍ය ජොන්ටත් වෙනස් වුනේ නෑ.

එම නිසාම ඒ උත්සාහය නොකඩවාම තවදුරටත් පැවතෙමින් තිබුණා.

සමහර විට ගත වෙන්න ඇත්තෙ තීරණාත්මක මිනිත්තුව වෙන්න ඇති.

විද්‍යුත් ප්‍රකර්'පන තව දුරටත් සංවේදනය කලේ ඇගේ හදවතේ හඩ වුනත් ඒ වෛද්‍යවරයාට නම් ඔහුගෙ මුලු ජීවිතේම වෙන්න ඇති.

ඒ ප්‍රතිරූපීය ඡායාව වෙන කාගෙවත් නෙවේ.

~~

ඒක උදයක්..

ඇය හිටියෙ සිනිදු වැලි පිරුනු මුහූදු වෙරලෙ වාඩිවෙලා. ඇය ඇදන් හිටපු දුහුල් ඇදුම මුහුදු සුලගට එහෙ මෙහෙ ගියේ ඇගේ දළ පැහැති හම ටිකක් පිටතට නිරාවරන කරලා.

ටිකක් ප්‍රමාද වුනත් ඒ වෙරලට ඔහු පැමිනිලා තිබුනා. එදත් වෙනදා වගේම දවසක්..

වෙරලෙ වාඩිවෙලා හිටපු ඇය ඔහු දිහාවට ගියා. ඇයට ඕනි වුනා ඔහු දිහා බලලා හිනාවෙන්න. ඒ වුනත් ඇගේ හිත ඒ තරම්ම උද්‍යෝගිමත් වුනේ නෑ වගේ.

ඔහු හිටියෙත් දුහුල් වර්'න ඇදුමකින්. ඇගේ ඇස් දිහා බලලා හිනාවුන ඔහු තවත් ඇය අසල රැදී නොඉද මුහුද දිහාට ඇදුනා.

ඇයට තේරුනා වෙනදා වගේම ඔහු යන්න යන වග. ඇත්තටම ඇයට ඕනි වුනා ඔහු යන්න කලින් එකම එක වතාවක් හිනා වෙන්න.. ඒත් ඇයගෙ ආඩම්බරකාර හිත.. ඒක ඇගේ අහිංසක පැතුමට ඉඩ දුන්නෙ නෑ.

අන්තිමට ඔහු මුහුද දිහායින් මතු වුන ඒ සුදු ආලෝකය දිහාවටම ඇදිලා අතුරුදහන් වෙලා ගියා.

~~

ඇයි ඒ 'ඔහු' තමන්ම වුනේ..

.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

Feeling hypnotized by the words that you said

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Feeling hypnotized by the words that you said..

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..



A_Shee1 ~

HYPNOTIZED | JJK ONESHOT | ✔️Where stories live. Discover now