Chapter 03

1.7K 421 20
                                    

පස්වරු හතර වෙනකොට දුඹුරු පැහැති කලිසමක් හා පීච් පැහැති කමිසෙකින් හැඩවුන ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ බංගලාවට ආවා... බංගලාවේ වැඩ කරන සේවකයෙක් ගෙනත් දුන්න මීපැණි හා කුරුදු රස තේ කෝප්පේ තොල ගාමින් හිටිය ටේහ්‍යොන්ග් ගැස්සුනේ කාමරේ දොර හයියෙන් ඇරුන නිසා...

දොර ලග හිටගෙන හිටියේ ජන්කුක්... ජන්කුක් හිටියේ හොකී පුහුණුවීම් කරන ඇදුම ඇදගෙන... මහන්සියට මැලවුන මූණත්, දාඩිය පෙරෙන කොණ්ඩේ නලලට වැටිලා තියෙන විදියත් නිසා ජන්කුක් ඕනවට වඩා දගකාර විදියට පෙනුනා... කට කොනකින් හිනාවෙලා ඇතුලට ආව ජන්කුක් පිටේ එල්ලගෙන හිටිය හොකී පුහුණුවීම් කරන බඩු තිබ්බ බෑග් එක දොර ලගම දාලා ටේහ්‍යොන්ග් ලගට ඇවිදගෙන ගියා...

"සර් සමාවෙන්න මම අද පරක්කු වුනා" එහෙම කියන ගමන් දාඩියෙන් පෙගිලා ඇගටම ඇලිලා තිබ්බ සුදුපාට ශර්ට් එක ගලවලා ජන්කුක් බිමට විසි කරාම ටේහ්‍යොන්ග් ඇස් ලොකු කරගෙන තොල් තදින් හපාගෙන සංසුන් වෙන්න උත්සහා කරා... තමන් කැමතිම කෙනා තමන් ඉස්සරහා මෙහෙම හැසිරෙනකොට ටේහ්‍යොන්ග්ට සංසුන් වෙන්න පුලුවන් කමක් තිබුනේ නෑ...

"ඒ.. ඒකට ක.. කමක් නෑ ජන්කුක් යන්න ගිහින් ඇදුම් මාරු කරගෙන එන්න" ඇග ඇතුලෙන්ම දැනුන අමුතු නොසන්සුන්කම පාලනය කරගන්න බැරුව ඊලග මොහොතේ තමන්ගේ අත් ජන්කුක්ගේ පපුව පුරා යයි කියන බයෙන් ටේහ්‍යොන්ග් ඉක්මනට අහක බලාගත්තා...

අවුරුදු ගානක් වහලා දාලා තිබ්බ ටේහ්‍යොන්ග්ගේ හිත ජන්කුක් හිමි හිමින් විවර කරන්න පටන් අරගෙන... ජන්කුක් ගැන දැනෙන හැගීම් යටපත් කරගන්න ටේහ්‍යොන්ග්ට ගොඩක් අමාරුවුනා... ජන්කුක්ගේ ලොකු ඇස්, සරාගී බැල්ම, තොල්, මස්පිඩු හොදින්ම කැපිලා පේන පපුව, පිරුනු කලවා, පලල් පිට, අත දිගේ උඩට වෙනකන් ඉලිප්පිලා පේන්න තියෙන නහර ඒ හැම දෙයක්ම ටේහ්‍යොන්ග්ව එක මොහොතින් ජන්කුක් වසග කරගෙන...

ටේහ්‍යොන්ග් නොදැනම ජන්කුක් කැමති විදියේ කෙනෙක් වෙන්න උත්සහා කරන්න පටන් අරගෙන... මේ වෙනකොට ටේහ්‍යොන්ග් බැලේ පන්තියට තුන් වතාවක් සහභාගී වුනා... ඒ වගේම දැන් ටේහ්‍යොන්ග්ට ටික ටික කකුලේ මාපට ඇගිල්ලෙන් ඉස්සිලා ත්ප්පරයක් කැරකෙන්න පුලුවන් තරමට ටේහ්‍යොන්ග් පුහුණුවීම් කරා...

piano teacher ||vkook||Where stories live. Discover now