Chapter 43

1.8K 445 143
                                    

හැමදේම වෙලා අවුරුදු 2ක් ගත්වෙලා තිබුනා... ටේහ්‍යොන්ග් සාමාන්‍ය විදියට ඔෆිස් එකේ ඉදගෙන වැඩ කරන ගමන් හිටියා... සාමාන්‍ය විදියට දවස් ගත වුනත්, සාමාන්‍ය විදියට අනිත් අයට පේන්න ටේහ්‍යොන්ග්ගේ ජීවත් වුනත්, ටේහ්‍යොන්ග් එකම එක තැනක නතර වෙලා හිටියා... ජන්කුක් එක්ක එකම එක මොහොතක නතර වෙලා තවමත් ජන්කුක්ගේ අවසාන හාදුව එක්ක ටේහ්‍යොන්ග් හැම වේදනාවක්ම, තනිකමක්ම දරාගෙන ජීවත් වුනා... ඒ දවසක ජන්කුක් නිදහස් වෙලා එනවා කියලා විස්වාස නිසා...

එදා සිදුවීමෙන් පස්සේ පොලිස් නිළධාරීන් දෙන්නෙක් ඉදිරියේ බෝගම්ව මරා දැමුනු වරදට ජන්කුක් වසර 10ක් දක්වා සිරගත කෙරුනා... ජන්කුක්ගේ ඩෑඩ් ජන්කුක්ව බලන්නවත් අකමැති වෙනකොට ටේහ්‍යොන්ග් හැමදාම සිරකරුවන් බලන්න දෙන දවසට ජන්කුක්ව බලන්න යන්න පුරුදු වුනත්, මාස හයක් යනකොට ජන්කුක් ටේහ්‍යොන්ග්ව මුණ ගැහෙන එක ප්‍රතික්ෂේප කරා... එදා ඉදන් අවුරුදු එකහමාරක් ටේහ්‍යොන්ග් ජන්කුක්ව නොදැක තනියෙන් ජීවත් වුනා...

තනියෙන් ජීවත් වෙන එක මොන තරම් වේදනාවක් වුනත් හැමදේම දරාගන්න ටේහ්‍යොන්ග්ට සිද්ධ වුනා... මුලු ගමේම සිදුවීම පැතරිලා ගිහින් ටේහ්‍යොන්ග් සෑහෙන්න ප්‍රශ්න ගොඩකට තනියෙන් මූණ දෙන්න වුනා... කාලයක් යනකොට හැමදේම එක්ක ටේහ්‍යොන්ග්ට දරාගන්න පුලුවන් සීමාව ඉක්මවලා ගියාම ටේහ්‍යොන්ග් නම්ජුන්ට තරමක් දුරට තමන්ට ලං වෙන්න ඉඩ දුන්නා... ඒ අවසරයෙන් නම්ජුන් ටේහ්‍යොන්ග්ව ඔෆිස් එක්කන් යන එක, ගෙදරට ගිහින් දාන එක, ඉරිදා දවසට ටේහ්‍යොන්ග් එක්ක ගත කරන එක වගේ දේවල් වලට ඉබේම පුරුදු වෙන්න ගත්තා...

ජන්කුක් සිරගත වෙලා අවුරුද්දකට පස්සේ නම්ජුන් ඒ විදියට ටේහ්‍යොන්ග්ගේ ජීවිතේට ආයේ හිමින් ලංවෙලා හිටියා... නමුත් ඒ හැමදේම සීමාවක් ඇතුව සහා තමන්ගේ ආරක්ශාවට විතරක් කරන්න ටේහ්‍යොන්ග් වග බලා ගත්තා... කිසිම වෙලාවක තමන්ගේ සීමාවෙන් පිට ගිහින් ජන්කුක්ට හිතින්වත් වැරැද්දක් වෙන විදියට හැසිරෙන්න ටේහ්‍යොන්ග් හිතලාවත් තිබුනේ නෑ...

"ටේහ්‍යොන්ග්" ටේහ්‍යොන්ග් කල්පනා ලෝකෙක ගිලිලා ඉන්නකොට ජින් කතා කරාම ටේහ්‍යොන්ග් ගැස්සුනා...

piano teacher ||vkook||Where stories live. Discover now