Chapter 05

1.8K 381 19
                                    

"සර් බය වෙලාද" කට කොනකින් හිනාවෙලා ඇහුව ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ වෙව්ලන රෝසපාට තොල් දිහා බැලුවා...

"ජන්කුක් අපි මේ කොහෙද ඉන්නේ අපි ගෙදර යමු" මනුස්සයෙක් තියා ගෙයක්වත් පේන්න නැති පිට්ටනියක් වගේ පැත්ත දිහා ඔලුව හරවලා බැලුව ටේහ්‍යොන්ග් ඇස් ලොකු කරගෙන ඇහුවා...

"අහ්හ්හ් මේ තැන මට පුරුදු තැනක් quikie වලට මෙතනට මම නිතරම එනවා" ටේහ්‍යොන්ග්ගේ ඇස් වල බය එක්කම තමන්ව මේ මොහොතේ කොච්චර ඕනද කියන එක පෙන්න තියෙන එක ජන්කුක්ව විනෝද කරා... 'විනෝද වෙන්න' ජන්කුක් ආසම දෙය...

"ජ... ජන්කුක් මට බයයි" ජන්කුක් ගැන එක එක දේවල් හිතෙන්න ගන්නකොට ටේහ්‍යොන්ග් තුවාල වෙන තරමට තදින් තොල හපාගත්තා...

"බය වෙන්න එපා සර් මම මේවා පුරුදු වෙන්න කරන දේවල් නෙමෙයි" ජන්කුක් හයියෙන් හුස්ම ගත්තා... ටේහ්‍යොන්ග්ගේ හමේ පාට, තොල්වල පාට ගෑනු ලමයෙක්ට සම කරන්න බැරි තරම් ලස්සනයි... නමුත් තාමත් ජන්කුක් Straight...

"නෑ ඇත්තටම මට ඕන වුනේ එක පාරක් ඔයාව කිස් කරන්න මට සමාවෙන්න මම මගේ සීමාව දැන් දන්නවා" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ තොල් දිහාම බලන් හිටියා... කටින් කොච්චර එපා කිව්වත් ඒ ඇස් වලින් පේන්න තියෙන දේ අදුර ගන්න ජන්කුක් වගේ කෙනෙක්ට බැරි වෙන්නේ කොහොමද...

"ඉතින් අපි කිස් කරමු" සීට් බෙල්ට් එක ගැලෙව්ව ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ පැත්තට පහත් වෙලා ටේහ්‍යොන්ග්ගේ කන යටින් අත තියලා බෙල්ලෙන් අල්ලගත්තා... ටේහ්‍යොන්ග්ගේ මුලු මූණම සීතල වෙලා තියෙනවා ජන්කුක්ගේ අතට දැනුනා... "සර් බයවෙලානේ මම සර්ව මරන්න එක්කන් ආවේ නෑ අපි විනෝද වෙමු"

"ජන්කුක්" බෙල්ලේ තිබ්බ ජන්කුක්ගේ අත උඩින් අත තියලා ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ තොල් දිහා බැලුවා... කට කොනකින් හිනාවුන ජන්කුක් එහෙමම නැවිලා ටේහ්‍යොන්ග්ගේ තොල් සිපගන්න පටන් ගත්තා... ඇස් දෙක තද කරලා වහාගත්ත ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ තොල් අතර හිරවෙලා තියෙන තමන්ගේ තොල් ගලව ගන්න උත්සහා කරත් ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ තොල් උරන්න ගත්තම ඒ දැනෙන වින්දනය නිසාම ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ශර්ට් එකෙන් තද කරලා අල්ලගත්තා...

piano teacher ||vkook||Where stories live. Discover now