Chapter 30

1.6K 408 238
                                    

One month later

ගෙදර කාමරේ නිදාගෙන හිටිය ජන්කුක් එකපාරටම ගැස්සිලා ඇහැරුනා... මුලු ඇගම පිච්චෙනවා වගේ දැනුනම ජන්කුක් ඇස් දෙක වහා ගත්තා... පපුව අත් දෙකෙන් අතගෑව ජන්කුක් හුස්ම හිර වෙනවා දැනුනම නැගිටලා ඇදේ ඉද ගත්තා... ඔලුව දෙපැත්තට වනලා බොද වෙලා තියෙන ඇස් අරින්න උත්සහා කරන ගමන් ජන්කුක් ඇදෙන් බිමට කකුල් තිබ්බා... හිටගන්න හැදුවත් කකුල් පණ නෑ වගේ දැනුනම ජන්කුක් ඇද රෙද්ද අත් වලට ගුලි කර ගත්තා...

"අහ්හ්හ්හ්" ආයේ ඔලුව දෙපැත්තට වනලා ඇස් අරින්න උත්සහා කරන ගමන් ජන්කුක් හිමින් නැගිටලා හිට ගත්තා... බිත්තිය අල්ලගෙන බාතෘම් එකට ගිය ජන්කුක් කබඩ් ඇරලා ඩ්‍රග්ස් පැකට හෙව්වා... බොද වුන ඇස් වලින් හරියට කිසිම දෙයක් නොපෙනුන නිසා ජන්කුක් හැම කබඩ් එකම ඇරලා ඇතුලේ තියෙන බඩු ඇදලා විසි කරන ගමන් ඩ්‍රග්ස් පැකට් හෙව්වා... ඒත් එකක්වත් හම්බවුනේ නැති නිසා ජන්කුක් කෑගැහුවා...

"ෆක්, ෆක්, ෆක්" සින්ක් බේසින් එකේ ටැප් එක ඇරලා මූණට වතුර විසි කරගෙන ජන්කුක් බාතෘම් එකෙන් එලියට ගියා... කාමරේ පුරාම බිම තිබුන එක එක ජාතියේ ඇල්කොහොල් බෝතල් වලට පයින් ගහන ගමන් ගිහින් ජන්කුක් ඇද උඩ තිබුන ටීශර්ට් එක ඇද ගත්තා...

කාමරේ දොර ඇරගෙන පහලට දිව්ව ජන්කුක් ඩෑඩ්ගේ ඔෆිස් එකට හොරෙන් ගිහින් ඩෑඩ් මේ වෙලාවේ ගෙදර නැති බව දන්න නිසාම ඩෑඩ්ගේ ලොකර් එකෙ සල්ලි හොරකම් කරන්න හිතාගෙන දොර දිහා බලාගෙන ලොකර් එක ඇරියා...

පහුගිය මාසේ පුරාම ජන්කුක්ගේ හැසිරීම එන්න එන්නම නරක අතට හැරිලා තිබුන නිසා ජන්කුක් ගැන හැමතැනින්ම ජන්කුක්ගේ ඩෑඩ්ට කම්ප්ලේන් එන්න ගත්තා... කොලේජ් එකෙන්, ක්ලබ් එකෙන් ජන්කුක් යන යන හැමතැනම පිස්සෙක් වගේ ගහගෙන, රණ්ඩු කරගෙන ජන්කුක් ප්‍රශ්නයක් ඇති කර ගත්තා...

මේ මාසේ පුරාවටම ජන්කුක් තුන් වතාවක් විතර ඩෑඩ්ගෙන් ගුටි කාලා තිබුනා... ජන්කුක් කියන්නේ කොයි තරම් නරක විදියට හැදුන කෙනෙක් වුනත් කවදාවත් ප්‍රශ්න ගෙදරට අරන් එන්න තරම් නරක විදියට හැසිරිලා තිබුනේ නෑ... ජන්කුක් ඩ්‍රග්ස් ගන්න එකත් ඩෑඩ්ට දෙපාරක්ම අහුවුන නිසා ජන්කුක්ගේ ඩෑඩ් ජන්කුක්ගේ ලග තිබුන වාහන ඔක්කොම ජන්කුක්ගෙන් ගත්තා... ජන්කුක්ට සල්ලි දෙන එකත් නතර කරලා ජන්කුක්ගේ ක්‍රෙඩිට් කාඩ් එක ක්ලෝස් කරලා තිබුනා...

piano teacher ||vkook||Where stories live. Discover now