Chapter 06

1.6K 362 18
                                    

ජන්කුක්ගේ උදව්වෙන් ගෙදර ආව ටේහ්‍යොන්ග් එහෙමම නාන කාමරයට ගියා... ඇග ඇතුලෙන්ම දැනෙන වේදනාව එක්ක ඇදගෙන හිටිය ඇදුම පිටින්ම බාත්ටබ් එකට බැස්ස ටේහ්‍යොන්ග් උණු වතුර කරාමේ ඇරියා... පිච්චෙන තරම් රස්නේ වතුරෙන් ටබ් එක පුරවල ඒක ඇතුලටම වෙලා පැය ගානක් හිටිය ටේහ්‍යොන්ග් තමන්ටම දොස් කියාගත්තා...

මේක ඕන වුනේ ටේහ්‍යොන්ග්ට... ජන්කුක් ගැන දැන දැනම ටේහ්‍යොන්ග් තමන්ගේ කැමැත්තෙන් ජන්කුක් එක්ක ගියා... ජන්කුක් තමන්ට ආදරේ කරන්නේ නෑ කියන එක ටේහ්‍යොන්ග් හොදටම දන්නවා... ඒක දැනගෙනමයි ටේහ්‍යොන්ග් ජන්කුක් ගැන හිතන්න පටන් ගත්තේ... First sight love...

"ඒක හරිම අමාරුයි"

ඇදුමක් ඇදගෙන ඇදට ආව ටේහ්‍යොන්ග් කෑම ගන්නෙත් නැතුවම ඇදේ ගුලිවෙලා නින්දට වැටුනා...

<>

ඊලග දවසේ උදේම ටේහ්‍යොන්ග් වින්ග්ස් කොලේජ් එකට ගියා... දවස් තුනකින් වින්ග්ස් කොලේජ් එකේ පැවැත්වෙන බැලේ ප්‍රසංගයක් සදහා පියානෝ වාදනය කරන්න ටේහ්‍යොන්ග්ට ආරාදනා ලැබිලා තිබුනා... පුහුණුවීම් කරන්න ටේහ්‍යොන්ග් අද කොලේජ් එකට ආවා...

ගේට්ටුවෙන් ඇතුලට ආව ටේහ්‍යොන්ග් විශාල පිට්ටනියක් දිගේ ඇවිදගෙන ගිහින් ප්‍රධාන ශාලාව හොයාගෙන ගියා... මගදී හමබවෙන ලමයි දෙතුන් දෙනෙක්ගෙන් පාර අහගෙන ආවත් ආයේ මගක් දුරට එනකොට කියපු පාර අමතක කරපු ටේහ්‍යොන්ග් ඉස්සරහට පේන පාරක් දිගේ ඇවිදගෙන ගියේ ලමයෙක් හම්බවුනොත් පාර අහනවා කියලා හිතාගෙන...

ඉස්සරහටම ඇවිදගෙන ගියත් කවුරුත් නැති නිසා ටේහ්‍යොන්ග් ආයේ එන්න හැරුනත් අත ඇරලා දාලා වගේ තියෙන පන්ති කාමරයකින් ගෑනු කෙනෙක් කෑගහනවා ඇහුනම ටේහ්‍යොන්ග් බයවුනා...

"ගෝඩ් මේ කොලේජ් එකේ හොල්මන් ඉන්නවද" එතනම බිත්තියට හේත්තු වුන ටේහ්‍යොන්ග් පපුවට අතක් තියාගත්තා... ඒ පැත්තට යන්න හදලත් ආයේ ටේහ්‍යොන්ග් හැරුනා... ඒත් ආයේ ඒ කටහඩම ඇහුනම ටේහ්‍යොන්ග් හිමින් ඒ පැත්තට ගියා... යනකොටම හම්බවුන දොරට කන තිබ්බ ටේහ්‍යොන්ග් සද්දේ එන්නේ ඒ කාමරෙන් කියලා අනුමාන කරා... ඒ එක්කම එහා පැත්තේ තිබුන ජනේලෙන් ඇතුල බැලුව ටේහ්‍යොන්ග් ටිකක් වෙලා යනකන් එහෙමම බලාගෙන හිටියා...

piano teacher ||vkook||Where stories live. Discover now