Chapter 08

1.5K 352 14
                                    

දින කිහිපයක් ගෙවිලා ගිහින් වින්ග්ස් කොලේජ් එකේ ප්‍රසංගය පැවැත්වෙන දිනය උදාවෙලා තිබුනා...

උදේම ගිහින් ප්‍රධාන ශාලාවේ හැම දෙයක්ම හොයලා බලලා ලෑස්ති කරපු ටේහ්‍යොන්ග් ඉක්මනට ගෙදර ආවේ පැය දෙකකට පස්සේ පටන් ගන්න ප්‍රසංග සදහා ලෑස්ති වෙන්න... වොශ් කරගෙන තුවාය ඉන වටේ පටලගෙන ටේහ්‍යොන්ග් නාන කාමරෙන් එලියට ආවා...

බැලේ නර්තනයේ යෙදෙන ගැහැණු ලමයින්ගේ රෝසපාට ඇදුමට සමාන සුදු පාට ඇදුමක් තෝර ගත්ත ටේහ්‍යොන්ග් ඒ ඇදුම ඇදේ දිග ඇරලා තියලා බලාගෙන හිටියා... ටේහ්‍යොන්ග්ගේ හමට තනිකරම සුදුපාට ඇදුම් කොහොමත් හොදින්ම ගැලපුනා...

නිතරම අදින බෙල් බොටම් සුදුපාට කලිසමට, සුදුපාට ශර්ට් ඇදගත්ත ටේහ්‍යොන්ග් කණ්නාඩිය ඉස්සරහට ගිහින් හිටගත්තා... තමන්ගෙම රූපේ දිහා බලාගෙන හිනාවුන ටේහ්‍යොන්ග් කණ්නාඩි මේසේ උඩ තිබුන කලුපාට පුංචි දියමන්ති පෙන්ඩන්ට් එකක් එක්ක තිබුන මාලේ බෙල්ලට දාගත්තා... සිල්වර් පාට දිග කරාබු දෙක එක කනකටත්, අනිත් කනට රින්ග්ස් කරාබු දෙකකුත් දාගත්ත ටේහ්‍යොන්ග් කොණ්ඩේ නළලට වැටෙන්න දාලා හැදුවා...

ආයේ පාරක් කණ්නාඩිය දිහා බලලා හිනාවුන ටේහ්‍යොන්ග් ඇද උඩ තිබ්බ බෑග් එකත් අරගෙන ගෙදරින් එලියට ඇවිත් ටැක්සි එකක් ගත්තේ වෙලාවට එතන ඉන්න ඕන නිසා...

විනාඩි විස්සක ගමනකින් පස්සේ වින්ග්ස් කොලේජ් එකට ආව ටේහ්‍යොන්ග් අඩිය ඉක්මන් කරලා ප්‍රධාන ශාලාවට යන අතරේ කොලේජ් එකේ හැමෝම වගේ ටේහ්‍යොන්ග් දිහා බලාගෙන හිටියා... සුරදූතයෙක් වගේ ටේහ්‍යොන්ග් කොරිඩෝ එක දිගේ ඇවිදගෙන යන දිහා තවත් කෙනෙක් හොරෙන් බලාගෙන ඉන්න බව ටේහ්‍යොන්ග් දැනගෙන හිටියේ නෑ...

එහෙමම ප්‍රධාන ශාලාවට ආව ටේහ්‍යොන්ග් දැනටමත් ප්‍රේක්ශකයන්ගෙන් පිරිලා ඉන්න ප්‍රේක්ශකාගාරය දිහා බලලා හුස්මක් අරගෙන ගිහින් වේදිකාව උඩ තිබුන පියානෝ එක ලගින් වාඩිවුනා... ඇගිලි දිග ඇරලා රෝසපාට ඇගිලි තුඩු වලින් හිමින් පියානෝ එක උඩ ඇගිලි ගෙනියන ගමන් ටේහ්‍යොන්ග්ට එකපාරටම ජන්කුක්ව මතක් වුනා... ඒ එක්කම ඔලුව උස්සලා ප්‍රේක්ශකාගාරය දිහා බලපු ටේහ්‍යොන්ග් ඒ පුරාම ඇස් අරන් ගියත් ඕන කරන රූපේ ඇස් වලට අහු නොවුන නිසා ආයේ පියානෝ එක මත තියෙන තමන්ගේ ඇගිලි දිහා බැලුවා...

piano teacher ||vkook||Where stories live. Discover now