Chapter 20

1.7K 409 72
                                    

නම්ජුන් හදිස්සියෙ ඇවිත් ගියාට පස්සේ ටේහ්‍යොන්ග් එහෙමම ඇවිදගෙන ගිහින් පුටුවකින් වාඩි වුනා... ජන්කුක් එනවා කිව්ව වෙලාවට වඩා පැයකටත් වඩා පරක්කු නිසා ටේහ්‍යොන්ග් පුටුවේ ඉදගෙනම හැරිලා මේසෙට වැලමිට තියා ගත්තා... අත උඩින් නිකට තියා ගත්ත ටේහ්‍යොන්ග් කල්පනා කරා...

නම්ජුන් කිව්ව දේවල් ආයේ ආයේ කන් වල දෝංකාර දෙන්න ගන්නකොට ටේහ්‍යොන්ග් අත් දෙකෙන් කන් දෙක තද කරලා වහා ගත්තා... ඔලුව බිමට නමාගෙන ඇස් වහා ගත්ත ටේහ්‍යොන්ග් ජන්කුක් දැන් එයි කියලා බලාගෙන හිටියා...

'ඔයා ඔය යන්නේ මිරිගුවක් පස්සේ ටේහ්‍යොන්ග්' නම්ජුන්ගේ කට හඩ කන ලගින්ම වගේ ඇහුනම ටේහ්‍යොන්ග් හයියෙන් කෑ ගැහැවා... "නෑ, නෑ!!"

"ඩෝලී" ඕනම වෙලාවේ, ඕනම කට හඩ ඇහුනම ටේහ්‍යොන්ග් ඇස් ඇරියා... ඔලුව උස්සලා බැලුව ටේහ්‍යොන්ග් ජන්කුක්ව දැක්කම හැරිලා ජන්කුක්ගේ ඉන වටේ අත් යවලා ජන්කුක්ව බදා ගත්තා...

"ඩෝලී මොකද වුනේ" ජන්කුක් එකපාරටම ගැස්සුනත් ටේහ්‍යොන්ග්ව ඇගට තද කරගෙන ටේහ්‍යොන්ග්ගේ කෙස් අතරින් ඇගිලි යැව්වා... "මම ඔයාට ගොඩක් සැරයක් කතා කරා, ඒත් ඔයා දොර ඇරියේ නෑ, ඉතින් මම මගේ ලග තිබුන යතුරෙන් දොර ඇරගෙන ආවා, කියන්න මොකද වුනේ" ටේහ්‍යොන්ග් වෙව්ලනවා ජන්කුක්ගේ අත් වලට හොදටම දැනුනා...

"කු-කුක්" ටේහ්‍යොන්ග් කදුලු පිරුනු ඇස් වලින් ඔලුව පිටිපස්සට නවලා ජන්කුක් දිහා බැලුවා... "කි-කිස් මී ප්-ලීස්" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ශර්ට් එකෙන් තද කරලා අල්ල ගත්තම ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ කම්මුල් දිගේ ගලන කදුලු මාපට ඇගිල්ලෙන් පිහිදලා දැම්මා... හිනාවෙලා නැමුන ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ තොල් උඩින් තොල් තිබ්බා... හිමින් සිනිදුවට ටේහ්‍යොන්ග්ගේ රෝස පාට සිනිදු තොල් සිප ගත්ත ජන්කුක් ටේහ්‍යොන්ග්ව ඈත් කරා...

"මොකද වුනේ ඩෝලී" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ කම්මුලක් සිනිදුවට අතගාන ගමන් මේසෙට අතක් තියලා ටේහ්‍යොන්ග්ගේ මූණට එබුනා...

"නෑ, නිකන් මට ඇත්තටම දැන ගන්න ඕන වුනා ඔයා මේ දැන් මෙතන, මගේ ලග ඉන්නවා කියලා" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ යටි තොල ඇගිල්ලෙන් අත ගෑවා...

piano teacher ||vkook||Where stories live. Discover now