Chapter 41

1.4K 413 127
                                    

දවසක් ගත වුනත් ජන්කුක්ට ටේහ්‍යොන්ග් ගැන කිසිම තොරතුරක් හොයාගන්න බැරිවුනා... ඔෆිස් එකේ කෙනෙක් ටේහ්‍යොන්ග් එදා හවස ගියා කියන කෙනාගේ හැඩරුව ජන්කුක් ආයේ පාරක් මතක් කරා... ඒ හැම පාරම බෝගම්ව මතක් වුනත් ටේහ්‍යොන්ග් කවදාවත් බෝගම් එක්ක එහෙම නොයන බව ජන්කුක් හොදටම දැනගෙන හිටියා... ඒ වගේම දවසක් ගියත් ගෙදර නෑවිත් ඉන්න විදියක් කොහෙත්ම තිබුනේ නෑ...

කරන්න දෙයක් හිතාගන්න බැරි වුන නිසාත්, අද දවසත් ඉවර වේගෙන යන නිසාත්, ජන්කුක් පොලිසියට මේ ගැන පැමිණිලි කරන්න හිතාගෙන ජන්කුක් නැගිටලා ගිහින් ඇදුමක් ඇදගෙන ආවා...

සේජි කිව්ව විදියට ටේහ්‍යොන්ග් ඒ කෙනා එක්ක කිසිම කලබලයක් නැතුව සාමාන්‍ය විදියට කාර් එකට නැගලා ගියා කිව්ව නිසා ජන්කුක් ඕනවට වඩා කලබල නොවී හිටියා... ටේහ්‍යොන්ග් ගැන දන්න වෙන කිසිම කෙනෙක්ව ජන්කුක් දැනගෙන හිටියේ නෑ... ඒ වගේම නම්ජුන් ඇරුනම ටේහ්‍යොන්ග් ගැන දන්න වෙන කිසිම කෙනෙක් හිටියෙත් නෑ... ඒ ගැන ජන්කුක්ට නිකමටවත් හිතුනේ නෑ... නම්ජුන්ගෙන් ටේහ්‍යොන්ග් ගැන අහන්න...

ජන්කුක් ගෙදරින් එලියට ඇවිත් පාර දිගේ ඇවිදගෙන පොලිස් ස්ටේශන් එකට ගියා... යන ගමනුත් ටේහ්‍යොන්ග් කවුරු එක්ක, කොහෙ යන්න ඇතිද කියලා ජන්කුක් කල්පනා කරා... බෝගම් ගැන හිතන්න ජන්කුක්ගේ හිත නිකමටවත් ඉඩ දුන්නේ නෑ... ඒත් ජන්කුක් හිතුවෙම ඒ ගැන...

ජන්කුක් පොලිස් ස්ටේශන් එක ඇතුලට ගිහින් ටේහ්‍යොන්ග් ගැන හැම විස්තරයක් එක්කම, පෙරේදා හවස ඔෆිස් ඉවර වුනාට පස්සේ ටේහ්‍යොන්ග් තවමත් ගෙදර ආවේ නැති බව පැමිණිලි කරා... පොලිස් ස්ටේශන් එකේ අයගේ මේ පැමිණිල්ල සම්බන්ධව ලොකු වුවමනාවක් නැති බව ජන්කුක් දැනගෙන හිටියා... ඒ අයගේ හැසිරීමෙන් ජන්කුක් හැම දෙයක්ම තේරුම් ගත්තා...

ඉක්මනින් තොරතුරක් දැනුන් දෙන්නම් කියලා, ජන්කුක්ට තොරතුරක් ලැබුනොත් කතා කරන්න කියලා ෆෝන් නම්බර් එකක් දීලා පොලිස් ස්ටේශන් එකේ අය ජන්කුක්ව පිටත් කරා...

ජන්කුක් ස්ටේශන් එකෙන් එලියට ඇවිත් දිගටම කල්පනා කරා... බෝගම් හැමතිස්සෙම ටේහ්‍යොන්ග් ගැන ඇහැ ගහගෙන ටේහ්‍යොන්ග් වටේම ඉන්නවා කියලා ටේහ්‍යොන්ග් කිසිම දෙයක් ජන්කුක්ට නොකිව්වට ජන්කුක් දැනගෙන හිටියා... දවස් දෙකක් ගියාට පස්සේ ඒ ගැන මතක් වුනාම ජන්කුක්ගේ ඇග වෙව්ලන්න පටන් ගත්තා... හදිස්සියෙ හරි බෝගම් ටේහ්‍යොන්ග්ව අරන් ගිහින් නම්~

piano teacher ||vkook||Where stories live. Discover now