Chapter 42

1.5K 415 155
                                    

ජන්කුක් දණගාගෙන ටේහ්‍යොන්ග් වැටිලා ඉන්න තැනට ගියා... ටේහ්‍යොන්ග් හුස්ම ගන්න බවක් පේන්න තිබුනේ නැති නිසා ජන්කුක් වෙව්ලන අත් වලින් ටේහ්‍යොන්ග්ව උස්සලා උකුලට ගත්තා... "ඩො-ඩෝලී" ජන්කුක් ටේහ්‍යොන්ග්ව පපුවට තුරුලු කර ගත්තා... "ඩො-ඩෝලී ඔයාගේ කු-කුක් ආවා" ජන්කුක් ටේහ්‍යොන්ග් වටේ අත් යවලා පුලුවන් තරම් ටේහ්‍යොන්ග්ව ඇගට තද කර ගත්තා...

ටේහ්‍යොන්ග්ගේ ඇග පුරාම රතුපාට දත් පාරවල්, සමහර තැන් තුවාල වෙලා ලේ ගල්වෙලා තිබුනා... ටේහ්‍යොන්ග්ගේ මුලු කොණ්ඩෙම අවුල් වෙලා, ඇගම සුදුමැලි වෙලා තිබුනා... තවමත් එකම එක ඇදුමක් විතරක් ටේහ්‍යොන්ග්ගේ ඇගේ ඉතුරු වෙලා තිබුනා...

"මම පරක්කු වැඩී කියලා කියන්න එපා දැන් ඇස් අරින්න මයි ලිටල් ලූන්" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ මූණ දිහා බැලුවා... ටේහ්‍යොන්ග් හිමින් ඇස් පිල්ලම් ගැහුවා... ටේහ්‍යොන්ග් වෙලාව අරගෙන ඇස්දෙක අරිනකන් ජන්කුක් ඉවසීමෙන් බලාගෙන හිටියා... "ඩෝලී, මගේ ඩෝලී" ටේහ්‍යොන්ග් සම්පූර්ණයෙන් ඇස් ඇරලා ජන්කුක් දිහා බැලුවම ජන්කුක් කදුලු පිරුනු ඇස් වලින් ටේහ්‍යොන්ග්ව බදාගත්තා...

"කු-කුක්"

"ඔව් ඔයාගේ කුක්"

"කු-කුක් ම-මම" ටේහ්‍යොන්ග් කතා කරන්න උත්සහා කරත් ටේහ්‍යොන්ග්ගේ මුලු උගුරම වේලිලා ලේ රහක් දැනෙන්න ගත්තා... ටේහ්‍යොන්ග් ඇස් වහලා කෙල ගිල්ලා...

"හැමදේම හොදින් ඩෝලී, ඔයා හොදින්, ඔයා හොදින් ම්ම්" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ පිට අතගෑවා...

"බෝ-බෝගම් එයා එ-එයා" ටේහ්‍යොන්ග් අමාරුවෙන් හුස්ම ගන්න ගමන් පිටිපස්සට හැරිලා බලන්න හැදුවත් ජන්කුක් ටේහ්‍යොන්ග්ව බදාගත්තා...

"එයා හොදින්, හැමදේම හොදින් ඩෝලී, හොදට හුස්ම ගන්න" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ පිට උඩ ඉදන් යටට, යට ඉදන් උඩට හිමින් අත ගාලා ටේහ්‍යොන්ග්ව සංසුන් කරන්න උත්සහා කරත් ටේහ්‍යොන්ග් හුස්ම හිර කරගෙන දගලන්න පටන් ගත්තා...

"මගේ ඩෝලී, මේ අහන්න මම ඔයාගේ කුක්, ඔයා ඉන්නේ ඔයාගේ කුක්ගේ අත් වල මේ බලන්න, මම ඔයාව තුරුලු කරගෙන ඉන්නේ" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ මූණට නැමිලා ටේහ්‍යොන්ග්ගේ කම්මුල් සිපගත්තා... "දැන් හොදට හුස්ම ගන්න, ඔයාට මුකුත් වෙලා නෑ, ඔයා හොදටම හොදින්"

piano teacher ||vkook||Where stories live. Discover now