Chapter 21

1.8K 413 85
                                    

"ඩෝලී"

ටේහ්‍යොන්ග්ගේ පුංචි අත් අතර ඉදගෙන හිටිය ජන්කුක් සන්සෙට් එක දිහා බලාගෙන හිටියා... ටේහ්‍යොන්ග් පුංචි අත් වලින් ජන්කුක්ව තදින් අල්ලගෙන හිටියා... ජන්කුක්ගේ වටේ සම්පූර්ණයෙන්ම අත් යවලා ජන්කුක්ව අල්ල ගන්න බැරි තරම් ජන්කුක්ගේ මසල්ස් එක්ක ජන්කුක් ලොකු නිසා එක අතක් ජන්කුක්ගේ උරහිස උඩින් දාගෙන අනිත් අතෙන් ජන්කුක්ව ටේහ්‍යොන්ග් තදින් අල්ලගෙන හිටියා... ටේහ්‍යොන්ග්ගේ කකුල් අතර ඉදගෙන හිටිය ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ පපුවට ඔලුවේ තියාගෙන අහස දිහා බලාගෙන හිටියා...

ජීප් එකේ පිටිපස්සේ පැත්තේ ශීට් එලලා හදාගෙන දෙන්නම ඉදගෙන හිටියා... පොඩි හුළගක් එක්ක පුංචි සීතලක් දැනුනත් ජන්කුක්ගේ ඇගේ උණුසුමට ටේහ්‍යොන්ග්ට ඒ සීතල දැනුනේ නැති තරම්...

"ඩෝලී, ඔයා දන්නවද?"

"මොකද්ද කුක්" ටේහ්‍යොන්ග් නිකට ජන්කුක්ගේ හිස් මුදුනෙන් තිබ්බා...

"අපි හැමෝටම සුවදක් තියෙනවා" ජන්කුක් කිව්වම ටේහ්‍යොන්ග් හිනාවුනා...

"ජීවන සුවද" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ බෙල්ල බදාගත්තා...

"අහ් විහිලු නෙමෙයි ඩෝලී ඇත්තමයි මම මේ කියන්නේ" ජන්කුක් අත් දෙක උඩට උස්සලා අරගෙන ටේහ්‍යොන්ග්ගේ පිටිපස්සට යවලා ටේහ්‍යොන්ග්ගේ ඉන පිටිපස්සෙන් අල්ල ගත්තා...

"මාත් විහිලු නෙමෙයි කරේ, ඒකට කියන්නේ ජීවන සුවද කියලා"

"අහ් මොකක්හරි, මගේ අම්මටත් එහෙම සුවදක් තිබුනා, මට ඒ සුවද තාමත් හොදටම මතකයි" ජන්කුක් වෙනස් කට හඩකින් කිව්වම ටේහ්‍යොන්ග් ජන්කුක්ව තවත් බදාගත්තා...

"හ්ම්ම්ම්"

"ඩෝලී දන්නවද? ඒ සුවද මට දැන් දැනෙනවා" ජන්කුක් කෙලින් වෙලා ටේහ්‍යොන්ග් දිහා බැලුවා... එහෙමම නැවිලා ටේහ්‍යොන්ග්ගේ උරහිසෙන් ඔලුව තියාගෙන ටේහ්‍යොන්ග්ගේ බෙල්ල ලගට නහය අරන් ගිය ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ බෙල්ල මත තොල් තිබ්බා... ජන්කුක් එකපාරටම එහෙම කරාම ජන්කුක්ගේ බර එක්ක පිටිපස්සට වැටෙන්න ගියාම ටේහ්‍යොන්ග් කකුල් දෙක දණහිස් වලින් නවලා ජීප් එකේ බිමට තියාගෙන ජන්කුක් වටේ අත් යවලා ජන්කුක්ව හයියෙන් අල්ල ගත්තා...

piano teacher ||vkook||Where stories live. Discover now