Chapter 07

1.5K 349 18
                                    

ඔ-යා" ටේහ්‍යොන්ග්ගේ ඇස් වලට කදුලු පිරුනම ටේහ්‍යොන්ග් ඉක්මනට කෙලින් වෙලා ඒ අත අත් දෙකෙන්ම අල්ලගෙන හිනාවුනා...

"සර්" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ බඩ වටේ අතදාලා ටේහ්‍යොන්ග් ව කෙලින් කරලා බෝගම් දිහා බැලුවා... "උබ ඇයි සර්ට කරදර කරේ" බෝගම්ව උස්සලා ගත්ත ජන්කුක් ඇහුවම බෝගම් කට කොනකින් හිනාවුනා...

"ඇයි මේ උබේ කවුද එහාට වෙයන් ජන්කුක් මම ඒක එයා එක්ක බලාගන්නම්" බෝගම් කිව්වම ජන්කුක් බෝගම්ගේ කම්මුලට පාරක් ගැහුවා... එහාට විසිවුන බෝගම් කම්මුලට අතක් තියාගෙන රතුවුන ඇස් වලින් ජන්කුක් දිහා බලන් ඉදලා එහෙමම ඉස්සරහට ඇවිත් ජන්කුක්ගේ මූණට පාරක් ගැහුවා... ටිකක් පිටිපස්සට විසි වුනත් නොවැටී බේරුන ජන්කුක් ඉස්සරහට පැනලා බෝගම්ගේ කොලර් එකෙන් අල්ලගෙන බෝගම්ට ගහන්න පටන් ගත්තා...

"ජන්කුක් එපා දෙවියනේ ඕක නවත්තන්න" ටේහ්‍යොන්ග් කෑගැහුවත් ජන්කුක් දිගටම බෝගම්ට බිම දාගෙන ගැහුවා...

"අනේ ලමයි ප්ලීස් මෙයාලව නවත්තන්න" වටේම පිරිලා සිද්ධිය දිහා බලන් ඉන්න ලමයින්ට ටේහ්‍යොන්ග් කිව්ව්ම හැමෝම තව ටිකක් පිටිපස්සට වුනා... "දෙවියනේ ජන්කුක්" කවුරුත් ඉදිරිපත් නොවෙන නිසා ටේහ්‍යොන්ග් පැනලා ජන්කුක්ගේ ශර්ට් එකෙන් ඇල්ලුවා ඒ එක්කම ජන්කුක්ගේ වැලමිටක් ටේහ්‍යොන්ග්ගේ බඩේ වැදිලා ටේහ්‍යොන්ග් විසිවෙලා ගිහින් බිම වැටුනා...

"අහ්හ් ජන්කුක්!!" ටේහ්‍යොන්ග් සද්දෙන් කෑගැහුවම ජන්කුක් ඔලුව හරවලා බැලුවා... ටේහ්‍යොන්ග් බඩ අල්ලගෙන වැටිලා ඉන්න විදිය දැක්කම බෝගම්ව අත ඇරලා දුවගෙන ගිය ජන්කුක් ටේහ්‍යොන්ග්ව උස්සලා අරන් පපුවට තියාගත්තා...

"සර් සොරි මම හිතලා කරේ නෑ ඔයාට රිදුනද" ජන්කුක් ඇහුවම ටේහ්‍යොන්ග් ජන්කුක් දිහාම බලාගෙන හිටියා... ජන්කුක්ගේ ඇස් දෙක කලුපාට වෙලා තිබුනා... කොණ්ඩේ දාඩියෙන් පෙගිලා නලල දෙපැත්තෙන් දාඩිය බේරෙමින් තිබුනා... ශර්ට් එකේ බොත්තම් තුනක් ගැලවිලා ජන්කුක් මස්පිඩු තද වුන පපුව නිරාවරණය වෙලා තිබුනා... එහෙමම ජන්කුක්ගේ නිරාවරණය වෙලා තිබුන පපුවෙන් ඔලුව තියාගෙන ටේහ්‍යොන්ග් කෙදිරිගෑවා...

piano teacher ||vkook||Where stories live. Discover now