Chapter 37

1.4K 409 92
                                    

බාත්ටබ් එකයි බිත්තියයි අතර තිබුන ටයිල් පඩිය උඩ ටේහ්‍යොන්ග් ඉදගෙන හිටියා... උණු වතුර පිරිලා තිබුන බාත්ටබ් එක ඇතුලේ ඉදගෙන හිටිය ජන්කුක් ඔලුව ටේහ්‍යොන්ග්ගේ බඩට හේත්තු කරගෙන හිටියා... ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ තෙත කොණ්ඩේ ශැම්පූ ගාන ගමන් හිමින් මසාජ් කරා...

"ඩෝලී" ජන්කුක් ඇස්දෙක වහාගෙන ටේහ්‍යොන්ග්ගේ දණහිස් හිමින් පිරිමැද්දා...

"යස් ඩැඩී" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කොණ්ඩේ උඩට කරලා ශැම්පූ ටික අයින් කරා...

"ඔහ් ඩෝලී ඔයා මාව අවුස්සලා රිද්දගන්න එපා" ජන්කුක් හැරිලා ඔලුව පිටිපස්සට කරලා ටේහ්‍යොන්ග්ගේ කකුල උඩින් තියලා උඩ බැලුවා... ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කම්මුල් දෙක මාපට ඇගිලි වලින් මසාජ් කරන්න පටන් ගත්තා...

"ඔහ් මගේ ඇස් වල ශැම්පූ ගාන්න එපා ඩෝලී"

"කුක් අපි ඩේට් එකකට යමු, ඔයාගේ ඔලුව රිදෙන එක දැන් අඩුයි නේද ම්ම්ම්" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ මූණට ටිකක් නැවිලා ජන්කුක්ගේ තෙත කොණ්ඩේ අතරින් දිග ඇගිලි හිමින් යැව්වා...

"මට නිදිමතයි ඩෝලී" ජන්කුක් ඇස් වහාගත්තා...

"කුක් මේ අහන්න, කෝ ඇස් අරින්න" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කම්මුල් දෙක මිරිකුවා... "කුක්ක්ක්ක්ක්ක්"

"ම්ම් මම නිදි"

"නිදාගන්න එපා, මට එලියට යන්න ඕන" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ මූණට නැවිලා ජන්කුක්ගේ නළල මත තොල් තියලා සිපගත්තා... ටේහ්‍යොන්ග් නළලෙන් තොල් අයින් කරාම ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ බෙල්ල පිටිපස්සෙන් අත යවලා ටේහ්‍යොන්ග්ගේ තොල් නළලට තද කරා...

"තව කිස් ඕන" ජන්කුක් කිව්වම ටේහ්‍යොන්ග් හිනාවුනා... ටේහ්‍යොන්ග් එක අතකින් ජන්කුක්ගේ නිකටෙන් අල්ලගෙන අනිත් අතින් දිගටම ජන්කුක්ගේ ඔලුව අතගෑවා...

"කූ කූ නිදාගන්න එපා නැගිටින්න" ටේහ්‍යොන්ග් හෑන්ඩ් ශවර් එක අරගෙන ජන්කුක්ගේ කොණ්ඩේ ශැම්පූ හෝදලා දැම්මා...

ජන්කුක් ටිකකින් එකපාරටම ඇස් ඇරියා... "ඩෝලී මට එලියට යන්න ඕන" ජන්කුක් කලබලෙන් නැගිටින්න ගියාම ටේහ්‍යොන්ග් නැවිලා ජන්කුක්ගේ බෙල්ල බදාගත්තා... "මයි ලිටල් ලූන්, මට යන්න ඕන අත අරින්න"

piano teacher ||vkook||Where stories live. Discover now