Chapter 40

1.5K 408 123
                                    

ටේහ්‍යොන්ග් ඔෆිස් යන්න ලෑස්ති වෙලා කිචන් එකට ගියා... ශෝර්ට් එකක් විතරක් ඇදගෙන කෑම හදන ගමන් ඉන්න ජන්කුක් දැකලා ටේහ්‍යොන්ග් හිනාවුනා...

"කුක්" ටේහ්‍යොන්ග් ජන්කුක් ලගට ගිහින් ජන්කුක්ගේ බඩ වටේ අත් යවලා ජන්කුක්ව පිටිපස්සෙන් බදාගත්තා...

"ඔයා ලෑස්ති වෙලා ඉවරද?" ජන්කුක් පෑන් එකේ තිබුන සොසේජ් දෙක ප්ලේට් එකෙන් තියලා අනිත් පැත්ත හැරුනා...

"ම්ම්ම්" ටේහ්‍යොන්ග්ගේ ප්ලේට් එක දිහා බලලා ජන්කුක් දිහා බැලුවා... "කුක් මට අද ඉක්මනට යන්න ඕන, කන්න වෙලාවක් නෑ" ටේහ්‍යොන්ග් හැරිලා මේසේ උඩ තිබුන ජූස් වීදුරු දෙකෙන් එකක් අතට ගත්තා...

"මම කෑම හදලා ඉවරයි ඩෝලී, විනාඩි දෙකක් යයි ප්ලීස් කාලා යන්න" ජන්කුක් ඉක්මනට ප්ලේට් එක මේසෙන් තිබ්බා... පාන් පෙත් දෙකක් අරගෙන ප්ලේට් එකෙන් තියලා බටර් එක ගන්න ෆ්‍රිඩ්ජ් එක ලගට ගියාම ටේහ්‍යොන්ග් ජූස් එක මේසේ උඩින් තියලා ජන්කුක්ව බදාගත්තා...

"මම ගිහින් කන්නම් කුක්, ඔහ් මයි ගෝඩ් ඔයා වයසක හස්බන් කෙනෙක් වගේ" ටේහ්‍යොන්ග් හිනාවුනාම ජන්කුක් ෆ්‍රිඩ්ජ් එක වහලා අනිත් පැත්ත ටේහ්‍යොන්ග්ව බදාගත්තා...

"වයස ගැන අපි කතා නොකර ඉමු බේබි, දැන් ඉක්මනට කන්න"

"නෝ, මට එපා මම අද හොදටම ලේට්" ටේහ්‍යොන්ග් ජන්කුක්ව අත ඇරලා යන්න ගියාම ජන්කුක් ටේහ්‍යොන්ග්ව තද කර ගත්තා... "ආව්ව් කුක්"

"ඔයා බොරු කියන්නේ, මම දන්නවා ඇයි ඔයා කන්න බෑ කියන්නේ කියලා, මට කෑම තියෙනවා"

ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ බෙල්ලෙන් නහය තියලා ජන්කුක්ගේ සුවද හොදටම විදගත්තා... හැමදාම දැනෙන ජැස්මින් සුවද වෙනුවට ජැස්මින් එක්ක මුසුවුන අමුතුම පෙපර්මින්ට් සුවදක් ජන්කුක් ලගින් ටේහ්‍යොන්ග්ට දැනෙන්න ගත්තා... ටේහ්‍යොන්ග් දිගටම ජන්කුක්ගේ සුවද විදිමින් ඇස් වහාගෙන හිටියා...

"දැන් ලේට් වෙනවා කිව්වා නේද මයි ලිටල් ලූන්" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ පිට මත ඇගිල්ලක් එහෙ මෙහෙ කරන ගමන් ටේහ්‍යොන්ග්ගේ උරහිස උඩින් නිකට තිබ්බා... "ඉක්මනට ගෙදර එන්න ඩෝලී මට පාලුයි"

piano teacher ||vkook||Where stories live. Discover now