Chapter 39

1.6K 415 113
                                    

"ඩෑඩ්" ටේහ්‍යොන්ග් දොර ලගින් එහාට වුනාම ඩෑඩ්ව දැකලා ජන්කුක් බයවුනා... ජන්කුක් ඇත්තටම බයවුනේ ඩෑඩ්ට නෙමෙයි මෙතනින් එහාට ටේහ්‍යොන්ග් එක්ක ගෙවෙන ජීවිතේට ඩෑඩ් කොහොම රියැක්ට් කරයිද කියලා...

"ජන්කුක්" ජන්කුක්ගේ ඩෑඩ් ටේහ්‍යොන්ග්ව තල්ලු කරගෙන වගේ ඇතුලට ආවා... ටේහ්‍යොන්ග් දොර ලගම හිටගෙන බලාගෙන හිටියා... දැන් මොකද වෙන්නේ? ජන්කුක්ගේ ඩෑඩ් හැමදේම දැනගෙනද? ටේහ්‍යොන්ග් පපුව වේගෙන් ගැහෙන්න ගත්තා...

"ඇයි මෙහෙ ආවේ" ජන්කුක් කිසිම ගානක් නැතුව ඇහුවම ජන්කුක්ගේ ඩෑඩ්ට තරහා ගියා...

"ඔයා මොකද මේ ගේ අස්සේ කරන්නේ" ඩෑඩ් හැරිලා ටේහ්‍යොන්ග් දිහා කරදකාර බැල්මක් දැම්මා... ටේහ්‍යොන්ග් බිම බලා ගත්තා...

"මම මොනවා කරාම ඩෑඩ්ට මොකද?" ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා බලාගෙන කතා කරා... ටේහ්‍යොන්ග් බයවෙලා ඉන්න බව ජන්කුක් දැනගෙන හිටියා... ඩෑඩ්ගේ කටින් ටේහ්‍යොන්ග්ගේ හිත රිදෙන වචනයක් පිටවෙයි කියලා ජන්කුක් බය වුනා...

"ජන්කුක්!" ඩෑඩ් ජන්කුක් ලගට ගිහින් හිට ගත්තා... "මොකද්ද මේකේ තේරුම, මට ඇහෙන්නේ ලැබෙන දේවල් මොනවද?"

"ඇයි මොනවද?" ජන්කුක්ගේ වචන වල කිසිම ගරු කිරීමක් නැති නිසා ටේහ්‍යොන්ග් ඉස්සරහා ඩෑඩ්ට දරාගන්න බැරි තරහක්, ලැජ්ජාවක් දැනුනා...

"උබ වයසක කොල්ලෙක් එක්ක, දුප්පත් කොල්ලෙක් එක්ක, අනාතයෙක් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද?" ඩෑඩ් පපුව ඉස්සරහින් අත් බැදගෙන ජන්කුක්ව මරන්න පුලුවන් බැල්මක් දැම්මා... ජන්කුක්ගේ මූණ කේන්තියෙන් රතුවුනා...

"ඩෑඩ් ඔයාට බෑ ටේහ්‍යොන්ග්ට එහෙම කතා කරන්න, එලියට යන්න" ජන්කුක් දොර පෙන්නලා කිව්වම ඩෑඩ්ගේ ඇස් ලොකුවුනා...

"මොකද්ද උබ කිව්වේ ජන්කුක්!" ඩෑඩ් ජන්කුක්ගේ කම්මුලට හයියෙන් පාරක් ගැහුවා... ඒ සද්දේ එක්ක ටේහ්‍යොන්ග් ඔලුව උස්සලා බැලුවා... "මේ දැන් උබ එන්න ඕන මාත් එක්ක යන්න" ඩෑඩ් තව පාරක් ඒ කම්මුලටම ගැහුවම ටේහ්‍යොන්ග් ජන්කුක් ලගට දුවගෙන ආවා... ජන්කුක් කෙලින් හිටගෙන ඩෑඩ් දිහා බලාගෙන තියුණු ඇස් වලින් බලාගෙන හිටියා...

piano teacher ||vkook||Where stories live. Discover now