Chapter 16

1.4K 326 7
                                    

ජන්කුක් එනකන් කොලේජ් එකේ පිටි පස්සේ ගේට් එක ලග බලාගෙන හිටිය ටේහ්‍යොන්ග් බෑග් එක පපුව තුරුලු කරගෙන තොල දිගටම හැපුවා... ජන්කුක්ගේ වතුරෙන් පෙගුන කොණ්ඩේ නළලට වැටිලා තියෙනකොට, ජන්කුක් පැත්තට හැරිලා බලනකොට ජන්කුක්ගේ ඒ ලුක් එක මතක් වුනාම ටේහ්‍යොන්ග්ගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා...

ඒ එක්කම ලමයි ටිකක් එතනින් ගියාම ටේහ්‍යොන්ග් බිම බලාගෙන හිටියා...

"සර්" අහලා පුරුදු කට හඩක් ඇහුනම ටේහ්‍යොන්ග් ඔලුව උස්සලා බැලුවා...

"ඔහ්හ් බෝගම් ඔයා" ටේහ්‍යොන්ග් හිනා වෙලා අහක බලා ගත්තා... බෝගම් කට කොනකින් හිනා වෙලා ටේහ්‍යොන්ග් ලගින්ම බිත්තියට කකුලක් තියලා හේත්තු වුනා...

"සර් ගෙදර යන්නේ නැද්ද" බෝගම් සිගරට් පැකට් එක සක්කුවෙන් එලියට ගත්තම ටේහ්‍යොන්ග් ඔලුව උස්සලා බෝගම් දිහා බැලුවා...

"බෝගම්!! මම ගුරුවරයෙක් තමුන්ට බෑ මගේ ඉස්සරහා ඔහොම හැසිරෙන්න" ටේහ්‍යොන්ග් සද්දෙන් කිව්වම බෝගම් අතේ තිබුන සිගරට් එක පැකට් එකට දාලා සිගරට් පැකට් එක සාක්කුවට දා ගත්තා...

"ඔහ්හ් සමාවෙන්න සර්" බෝගම් ඔලුව නවලා ටේහ්‍යොන්ග් ගෙන් සමාව ගත්තම ටේහ්‍යොන්ග් බෝගම්ගේ විකාර හැසිරීම දිහා අකමැත්තෙන් බලාගෙන හිටියා...

"දැන් ඇයි මෙතනට ආවේ" ටේහ්‍යොන්ග් ඇහුවම බෝගම් ටේහ්‍යොන්ග් ඉස්සරහින් හිට ගත්තා...

"මම යන ගමන් සර්ව දැකලා නැවතුනේ" බෝගම් කට කොනකින් හිනා වෙලා ටේහ්‍යොන්ග්ට තවත් ලං වුනා... "සර් කලුවරේ වුනත් දිලිසෙනවා සර් ඇත්තටම ඔයා ලස්සනයි" බෝගම් තවත් අඩියක් ඉස්සරහට තිබ්බම ටේහ්‍යොන්ග් මූණ තරහෙන් රතු කර ගත්තා... ඊට වඩා ටේහ්‍යොන්ග් බය වුනා දැන් ජන්කුක් ආවොත් ජන්කුක් අනිවාරෙන් මේක ගැන වැරදියට හිතයි කියලා...

"බෝගම් මම එදත් කිව්වා මම ඔයාට වඩා ගොඩක් වැඩිමල් තමුන්ගේ ගුරුවරයා ගරු කරන්න ඉගෙන ගනනවා, ගරු කරන්න බැරි නම් අඩුම තරමේ මට පාඩුවේ ඉන්න දෙනවා" ටේහ්‍යොන්ග් සද්දෙන් කිව්වම බෝගම් ඉන්නට අත්දෙක තියාගෙන හිනා වුනා...

piano teacher ||vkook||Where stories live. Discover now