03වන කොටස🚆

1.5K 424 127
                                    

මේ කොල්ලා මහ කමකට නැති අලුගුත්තේරු කොල්ලෙක් මොනා උනත් මං හිතින් පින්දුන්නා මම ගනන් ගුරෙක් නොවුන එකට...වෙලහට අර සර් කාරයත් මේකා එක්ක කතා නොකරෙ පිහිපාරවල්  වගෙ වචන කියන හින්දම වෙන්න ඇති....අපරාදෙ  මං මෙහෙට නෑවිත් වෙන කොහෙ හරි යන්න තිබුනෙ....සින්නකොබො හරි...ඔසාකා හරි යන්න තිබුනා නම්...දැන් ඉතින් මේ පත්වීම හරවන්න බෑ...පන්තියට  ඉන්නෙ එකලමයයි නම්...එ ළමයත් මෙන්න මේ අංකුට්ටා උනොත් මං නම් යන් නෑ..මට කෝටියක් දුන්නත් මම යන්නෙ නෑ...

මං.ආයම ඒ වසවර්තියා දිහා බැලුවෙ නෑ....උගෙ වචන වලට මටත් මල පනිනවා  ....ආයම ඔලුව ජනේලෙට තියා ගත්තු මං එලියෙන් ආව හුලන් පාර එක්ක ඇස් පියාගත්තා ...




හරූ සෙන්සෙ...හරූ සෙන්සේ..

ඇ...ඇ..ඇයි..මො..මොකද ලමයෝ...

ඇ...ඇ...ඇ..නෙවෙ අපි ඉස්සරහින් බහින්න ඕනෙ...ඒකනෙ මං කිව්වෙ නගර බද පියරුවෙක් කියලා...කනවා බුදියනවා කනව බුදියනවා ...ඒ අස්සෙන්  මගෙ උරහිසට කුනුකෙලත් හලලා....මදැයි අපෙ අලුත් ඇදුරු තුමානො වඩින  වැඩිල්ල...

දෙයියන්ගෙ නාමෙට පිංසිද්ද වෙයි ලමයො...ඔය කට පියන් ඉන්නම බැරිද ..

මං ලමයෙක් නෙවෙ සෙන්සෙ...

නොවෙන්නෙ කොහොමද ......පුංචි කොලුවො...ඔයාට ඕනා නම් වයස දාසයක්  විතර ආති...

එහෙමද සෙන්සෙ හිතන්නෙ...මං ඉන්නෙ නම් වයස දාසයෙ උන් එක්ක...ඒත් මට දහ අටයි...

...............

මං හිතන්නෙ අලුත් ගුරා කට වහගත්තොත් හොදයි කටට මදුරුවො රිංගයි...

මොකක්...දහ...

දහ අටයි..මොකද  මං දෙපාරක් පිට පිටම ෆේල් උනා ...හැබැයි මං හිතනවා කට ආයම ෆේල් වෙන්න වෙයි කියලා ..මොකද  නගර බද පියරුවො එක්ක වසන්න අමාරුයි..

........................!!!!

දෙවියනෙ....මං හිතන්නෙ මගෙන් පෙර කරපු පවක් ගෙවෙනවද කොහෙද  ඒ අස්සෙන් මං නිදියලා තියෙන්නෙත් මේ කොල්ලගෙ උරහිස උඩ...අනික ඒ කොල්ලා මට වඩා  උසයි ..එ විතරක් නෙවෙ මේ සාතන් පිට පිටම දෙපාරක් ෆේල් උනා ලු...එහෙනම් සුපිරිම මොලයක්  වෙන්න ඇති තියෙන්නෙ....මොලේ කකුලට බැහැල ඇති....

THE LAST TRAIN  🚆 🚆 ✅Where stories live. Discover now