12වන කොටස🚆

1.1K 380 56
                                    

අ...කී.......

මහ රෑ ලාවට පැද්දුන පුටුවෙන් ඊටත් පස්සෙ ආයම කිසිම සද්දයක් ආවෙ නැති කොට මම සැනසීමෙන් ඇස් පියාගත්තා ...මොකද මට සැනසීමෙන් ඇස් පියාගන්න තිබුන එකම එක හේතුව මේ නාඩාර් කොල්ලා විතරක් වෙනකොට පස් ඇදලම හයිය උන අත් වලින් එයා මහ මිනිහෙක් වගේ මාව තුරුල් කරන් උන්නා....අවංක කතාව කියනවා නම් මට තිබුනෙ හරි කෙසග ශරීර කූඩුවක්...වයස විසි පහක් උනත් මම විස්සක් වත් නැති තරම් ළාබාල පාටයි....ඒ ඇයි කියන්න මම දන්නෙ නෑ...මට මතකයි චූටි කාලෙ නොකා ඉන්නකොට අම්මලා මට පුලුවන් තරම් විටනින් පෙව්වා...උයපු දේ කව්ව ගන්න අම්මා වගේම තාත්තා වරු ගනන් මාව වඩාගන ඇවිද්ද කියලා අම්මගෙ අම්මා කිව්වා.....

මට ඒ ඒක්කම.එයා දිහා බැලුනා....මම කොච්චර නම් නොකා අහක දාලා ඇතිද.....පොත පතේ දැනුමට වඩා සමහර වෙලාවට සමාජ දැනුම ඉස්සරහට එනවා කියන්නෙ බොරුවට නෙවෙ කියන්න මේ දඩබ්බර කොල්ලා ඊයෙරෑ මට ඉගැන්නුවා......

හොක්කයිඩෝවට තවමත් ඉර පායලා තිබුන් නැති උනත් මද ආලෝකෙ සිනිදු ජනෙල් තිරවලින් මම දැක්කා...එයාට ඉගනගන්න ආසාවක් තියනවා නම්....සත්තයි මම කොල්ලට ගුරුමුශ්ටියන්වත් නොතියම උගන්නනවා...අවසානෙදි ගුත්තිලට උන දේ උනත් කමක් නෑ...ගුරුමුශ්ටිය වත් නොතිය මූසිලට උගන්නපු ගුත්තිල අසරන වෙනකොට ඒ පිහිටට උන්නෙ සක්‍රයා කියනවා.....ඒත්...සක්කරයගෙ පුතා වයිමා ඇවිත් මට කිව්වත් ගුරු මුශිටිය තියා ගන්න කියලා...අවංකවාම මම තියන්නෙ නෑ.....

සුදුපාට ඇගේ තැන් තැන්වල අව්වට පිච්චුන පාරවල් මට ගමක වෙනසයි නගරෙ වෙනසයි පෙන්නුවා.....අව්වට.යනකොට සන්ක්‍රීම් කෝටියක් උලන් යන නාගරිකයො හැමදාම ලස්සනට බබලනකොට  ගම්බදයො සන්ක්‍රීම් එක ගන්න වියදම් කරන තුට්ටුව පවා බඩ වියතට යට කෙරුවා.....

ඇත්තටම ඔයාට හිතෙන් නැතිද දෙවියො අසාදාරනයි කියලා.....එයාට පුලුවන් උනා නම් මනුස්සයට නියම හැඩයක් දීලා මවන්න...ඇයි එයාට බැරි උනේ හැම මනුස්සයම එකම පන්තියකට මවන්න.....ධනපති නිර්ධන පන්ති දෙකක් මැව්වෙ ඇයි.....????...මට තේරුන් නෑ.....

මම එහෙම්ම එයාගෙ මූන බැලුවා....කැද කවපු.ලා රෝස තොල්පට තැන් තැන්වල හම ගිහින් තිබුනා....

THE LAST TRAIN  🚆 🚆 ✅Where stories live. Discover now