14වන කොටස🚆

1.2K 393 59
                                    

නැකිටින්න ...

අකී....

සෙන්සෙ මට තව වැඩ තියනවා....මට ඔයාට වගේ මාසෙ අවසානෙදි පඩියක් ආවට අපි පඩිය හොයන් ලගට යන්න ඕන....ඔයාට පඩි පිට නිවාඩු තිබ්බට අපිට පඩි පිට නිවාඩු නෑ අපි නිවඩු ගත්තොත් අපිට කන්නත් නැ....නැකිටින්න...

එයා මා දිහා බලන් නැකිටින්න කියනකොට මම අමාරුවෙන් ළඟ තිබුන ගහක් අල්ලන් නැකිටින්න හැදුවා වගේම එයා මට නැකිටින්න නොදී ආයම පිටට ගන්නකොට මම මේ පාර මුරන්ඩු නොවී උන්නා...ගොරෝසු කොන්ඩෙ රැදුන පස් කැට මම එයාට නොදැනෙන්න අයින් කරනකොට එයා මාව වැටෙන්න නොදී පස්සට අත තියලා මාව ආයම උස්සගත්තා ....

දරුවො ඔයාට අමාරු නම් මම බහින්නද ....

ඔයාට පුලුවන් නම් කට පියන් ඉන්න සෙන්සෙ...

එයා මට ආයම සැරකරනකොට මම ආය වචනෙකින් වත් එයාට වද නොදී  මගෙ නිකට එයාගෙ උරහිස උඩ නිකට තියාගන උන්නා...එයාට මහන්සී මට එයා කිව්වෙ නෑ හැබැයි මට ඒක දැනුනා.....එයාට එක විනාඩි පහකට හරි මාව බිමට තියලා හුස්ම අල්ලන්න ඕන උනා එයා කිව්වෙ නෑ ඒක මට දැනුනා ...

අකී.....අකී......මාව බස්සවන්න ...ප්ලීස්...මාව බස්සවන්න අකී...

මං එයාට මාව බස්සවන්න ගගා කෑ ගහනකොට  එයා අවසානෙදි මාව බැස්සුවා ...ඒ එක්කම එයා අනිත් පැත්තට  හැරිලා ලොකු හුස්මක්  ගත්තා  ඒක මං දැක්කා.....මං එයා තරම්  ලොකු නැති උනත් මහන්සි  වෙලා ඉන්න එයාට මාවත් බරක්...

අකී මං පයින් එන්නම්...

කැමැත්තක් ....හැබැයි ගෙදර යනකන් මේ අත අතාරින්න බෑ...

මට පයින් යන්න ඉඩ දුන්නත් එයා එයාගෙ ගොරෝසු අත් මගෙ අතට පටලව ගත්තා .....පස් කූඩවලට පදම් වෙච්ච  අතෙ රලු බව මගෙ සිනිදු අත්වලට  දැනුනා ....නගරෙ මිනිස්සු සැප විදිනකොට    ගම්බද  මිනිස්සු ජීවීතෙ ගැටගහ ගන්න නොවිදිනා දුක් වින්දා ....එහෙම බලන් ගියහම ගමේ මිනිස්සු දුප්පත් කම අතේ ගුලිකරන්ද කොහෙද ඉපදෙන්නෙ.   නෑ....එහෙමත් කියලා නෑ....පෝසත් මිනිස්සුත් ඉන්නවා.....එහෙම බැලුවම ඉපදීමත් දුකක්...මරනය කියන්නෙත් දුකක් ඉපදීමයි මරනයයි අතරෙ තාවකාලිකව හුස්ම අල්ලන්න ආව එකත් දුකක්....එහෙම බැලුවම මේ සංසාරෙම දුකක්නෙ....

THE LAST TRAIN  🚆 🚆 ✅Where stories live. Discover now