20වන කොටස🚆

1.3K 381 169
                                    

අකී....හ්....අනේ...අකීහ්.....

දොර අරිනවත් එක්කම මම දැක්කෙ ගෙයි සාලෙ මැද තිබුන පැද්දෙන පුටුව එහා මෙහා පැද්දෙන එක වෙනකොට ඇගම හිරි වැටෙන භූත සින්දුව වගේම සින්දු කියන කටහඩවල් ඇහෙන කොට මම වැටි වැටිම එයාගෙ ගෙදර දිව්වා වගේම එයලගෙ  ගෙයි දොරකොඩ ඉදන් මම හති ඇරියා....

සුදු නෝනා.....මොකද අනේ මේ....ඔයා රිලේ දිව්වද තනියම..අයි..අයි...යෝ.....

හති ඇර ඇර උන්න මට අවංකවම මේ කොල්ලට ගහන්න හිතුනා දත්ටික බඩට යන්න ...මෙච්චර වෙලා ලොසිංජරේ ගගා උන්න එයා කැත නැතුව මට සුදු නෝනා කියනකොට මම තරහටම එයාට රවලා කොන්දට අතක් තියා ගත්තා .....මට මහන්සී ඒ වගේම අම්බානෙට කේන්තීයි....

අකී...හ් මම කිව්වා කියලා හිතා ගන්නවා අකී....

මොනවද සුදු නෝනා...ම්ම්ම්....

අකීහ්...!!!මම නෝනෙක් නෙවෙ අකී...

ඒ වෙන උන්ටනෙ...ඔයා මට මගෙ නෝනනෙ ලොසිංජරේ...දැන් බලන්නකො බබා ඔයාට මට ආදරේට සුදු මහත්තයා කියන්න පුලුවන් ඒත් මට පුලුවන්ද ඔයාටත් සුදු මහත්තයා කියන්න...චෑ...චෑ...බබො ඒක ගැලපෙන්නෙ නෑ...අනික මමනෙ ලොසිංජරේ ටොප්....එහෙම උනහම බොටම් ඇවිත් ටිකක්....විතර යටහත් පහත් වෙන්න ඕනා ඉතින්.....

අනේ අකී ඇත්තමයි ...ඇත්තමයි...මට ඔයා එක්ක එන කේන්තියට....

ඔච්චර කෑ ගහන්න එපා සුදු නෝනා දරුවට හොද නෑනෙ....

දෙයියනෙගෙ නාමෙට අකී පින්සිද්ද වෙයි ඔය කට වහගන්නවා අකී....කොහෙ ඉන්න දරුවෙක්ද අකී..කොහෙ ඉන්න දරුවෙක්ද???

මෙච්චර වෙලාම සුදු නෝනා ගගා මාව නෝන්ඩි කරපු එයා  ඒ පාර දරුවෙක් ගැන කියන්න ගත්තා වෙලාවකට මට හැම දේම කියලා දෙන පැලෙන්න තරම් ආදරේ දෙන මේ කොල්ලා වෙලාවකට මට නැති ලෙඩත් මතු කෙරුවා...

ඔය බඩ චුට්ටක් ලොකුවෙලා තියෙන්නෙ.....දරුවෙක් නෙවෙද......

මනුස්සයො ......මේක කාලා ආව බඩක් අකී...ඇත්තමයි මම ආයම මගෙ අම්මලා ගාවට යනවා...

මම කෑ ගැහුවා...නිකන් නෙවෙ අඩි හප්ප හප්ප...මට තරහයි එයා මාව සෙල්ලමට

THE LAST TRAIN  🚆 🚆 ✅Where stories live. Discover now