44වන කොටස🚆🚆

926 289 119
                                    

අකී....මං එනවා මගෙ අකී...මම උඹව ආයම ගන්නවා...මම...උඹව...ආයම ගෙන්න ගනන්වා.....ඒත්...මිනියක්...මිනියක්....එපැයි....ඒකට...මිනියක්..........

පහලට තියන්න හදපු අඩිය ආයම උඩට ගත්තු මම උකුල් ඇට වලින් ගැලවෙන ඇද රෙද්ද ආයම ඔතා ගත්තා ....දවස් දෙකකින් වත් හරියටම කාලා.උන්නෙ නැති මාව විදින අ දුකටමද...නැතිනම් මෙච්චර කල් මගෙ වටේ කැරකුන ආත්ම නිසාද කියන්න මම දන්නෙ නෑමගෙ ඇගේ සාරෙ උරාගන මාව දර හැවක් වගේ වෙලා තිබුනා....පපුවෙ ඇට ගනින්න පුලුවන් තරම් එලියට ඇවිත් උකුල් ඇට දෙපැත්තෙන් බේරිලා තිබුනා..උරහිස් කුහරවලට වතුර පුරවන සයිස් එකටම වල ගැහිලා තියන කොටඇස් කුහර පවා වල ගැහිලා තිබුනා...මෙච්චර කල් මම නොදැකපු මාව මම ආයම දැක්කා....මෙතන උන්නෙ බෝලා වෙච්ච සෙන්සෙ කෙනෙක් වෙනුවට තනිකරම ඇට ගැහුන කොන්ඩෙ වැවුන විරූපි වෙලා ගියපු සෙන්සෙ කෙනෙක් උනා.....

එයා මගෙන් ඈත් වෙලා ගිහින් විසි හතර පැයක් වත් ගෙවුන් නෑ...ඒ උනත්...මම ආත්ම විසි හතරකට තරම් දුකක් උහුලන් උන්නා....ඒක ඉවසන්න බෑ....ඒ වේදනාව මමම කොහොම මේ වෙනක් ඉවසන් ඉන්නවද කියන්න මමවත් නොදන්නකොට  ඇද රෙද්ද ඔතාගන ගිනි ඉර මුදුන් වෙන වෙලේ මම මෙලෝ යකෙක් නොයන මිනී කනත්තට දුවන ගත්තා .....මට කාගෙ හරි..මොකාගෙ...හරි...මොකාගෙම හරි මිනියක් ඕනෙ.....

මම දිව්වා...මග දිගටමගෙ රෙදි කැඩුනා...මිනිස්සු මා දිහා අනුකම්පාවෙන් බලන් උන්නා.....ඒත්.....ඒ අනුකම්පාව තත්පර ගානකදි වෙනස් උනා.....ඊයේ පෙරේදා වෙනකන් සෙන්සෙ කියපු මිනිස්සු මම පහු වෙනවා එක්කම මට "පිස්සෙක්" කිව්වා....

උන් මට එහෙම කියන්නවා නම්....හරි..මං පිස්සෙක්...ආදරෙ හින්දා පිස්සු වැටුන පිස්සෙක්......මුලු ජීවිතේම දුන්න එයා වෙනුවෙන් අඩන පිස්සෙක්.......

ගැලවි ගැලවි වැටෙන ඇද රෙද්ද එක අතකින් අල්ලන් මම හති වත් අරින්නෙ නැතිව දිව්වා...ඇගේ හයිය කෙසේවෙතත් හිතේ හයිය විතරක් මට ඉතුරු වෙනකොට මම මිනි කනත්තට දිව්වා........

කොහෙද මනුස්සයො දුවන්නෙ.....

එපා ඌට ගහන්න ඕකා පිස්සෙක්...පිස්සෙක්.......ඕකා පිස්සෙක් .......

THE LAST TRAIN  🚆 🚆 ✅Where stories live. Discover now