31වන කොටස🚆

858 312 70
                                    

අන්දකාර බිම් ගබඩාව  පුරාවටම මකුණු දැල් වහගන තිබුනා....ගෙයි ඇතුලට වඩා බිම් කාමරේ ඇතුල ඊට වඩා මහ අමූතු සුවදක් ගත්තා ..ඒක නිකන් ගොම්මන් වෙලාවට ගගවල් ගාවින් යනකොට  එන අර අමූතු මඥ්ඥොක්කා සුවද වගේ...අවංකවම කිව්වොත් ඒ එන්නෙ මඥ්ඥොක්කා සුවද නෙවෙ අමනුස්ස සිනි ගද වෙනකොට මං එයා දිහා බැලුවා ..

දොර අල්ලන් උන්න එයාගෙ ඇස් දෙක තිබුනෙත් පහලට වෙනකොට  එයා එහෙම්ම මා දිහා බැලුවා ..

මේක අල්ලගන්න ....හැබැයි පරිස්සමින් තුවාල කරගන්න නම් එපා හරු මං උඹව පට්ට ගහනවා ...

අ..කී ඔයා ...

චිමිනියක් අරන් එන්නම්..

අ..නේ....

මං එන්නම් කියලා කියන්නෙ එන්නම් කියන එකට මිසක් නෑවිදින් ඉන්නම් කියන එකට නෙවෙ...ඒ වගේම මං තමුන්ට පරිස්සම් වෙන්න කියන්නෙ පරිස්සම් වෙන්න කියන එකට මිසක් ගොන් වැඩ කරලා තුවාල කරගන්න එළ නෙවෙ...කරුනාකරලා කියන දේ කරපන් හරූ...

මේ එයාමද???? මං ඒ මූන දිහා බලන් උන්නා....මේ එයාමද මගෙ අකීමද .......ඔව්  මගෙ අකීමයි ඒත් ඒ මූන වෙනදටත් වඩා නපුරු වෙනකොට  මට එයාගෙ අමුත්තක්  දැනුනා

ඔව්  මගෙ අකීමයි ඒත් ඒ මූන වෙනදටත් වඩා නපුරු වෙනකොට  මට එයාගෙ අමුත්තක්  දැනුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අ..කි ...හ්..

මන් බයෙන් බයෙන් වගේ  එයාගෙ නම කියනකොට එයා මාව නෑහුනා වගේ මකුනු දැල් අතින් කඩාගන එලියට ගියා...එයා කිව්වෙ චිමිනියක් ගේන්න යනවා කියලා වෙනකොට හොල්මන් ගුහාවෙ මම තට්ට තනියම උන්නා වගේම අර කෙල්ල ජනේලයක් උඩ එල්ලීගන සිංදුවක් කියන්න පටන් ගත්තා ...ඇත්තටම බැලුවොත් ඒක සිංදුවක් නෙවෙ අසාහිට පරිස්සම් වෙන්න කිය කිය මුමුනන සාපයක් වෙනකොට සමහරක් වචන වලට මගෙ ඇග පවා හිරි වැටුනා

THE LAST TRAIN  🚆 🚆 ✅Where stories live. Discover now