36වන කොටස🚆

889 305 95
                                    

ම..ම්..ම....

ශ්ශ්ශ්....දොයියන්න...දොයියන්න ඔයා ඇඩුවොත් මෙන්න මෙතන මේ දොයියන් ඉන්න බිල්ලා ඔයාව ලොකුම ලොකු ගෝනියක දාන් කොහෙට හරි අරන් යයි....

බි..ල්ලා...පපා...

ඔව්..ඔව්...ඔතන ඉන්න බිල්ලා පපා තමා....

නින්ද යාගනන එනකොට ලාවට ඇහුන කෙදිරියත් එක්කම මට ආයම ඇස් ඇරුනා....බිත්තිය අයිනට දාපු අර පොඩි හොල්මන...එයාගෙ වචන වලින් කියනවා නම් පොඩි යකින්න ආයම අපි දෙන්නා මැදට රිංගන් තිබ්බා වගේම එයාග් එක කකුලක් මගෙ ඇගේ වගේම අනිත් කකුල එයාගෙ ඇග උඩ තිබ්බා...මදැයි ගෑනු ළමයෙක් නිදාගන්න ලස්සන...උඩට ටී ශර්ට් එකක් ව්තරක් ඇදන් උන්න එයාගෙ යටට අමුඩ ලේන්සුවක් වත් නැති කොට මම මොකුත් නොකියම ඉස්සිලා.තිබුන ඇදුම හදලා රෙද්දෙන් පොවරවලා මගෙ පැත්තට හරව ගත්තම එයා ආයම මහපට ඇගිල්ලකටේ ඔබා ගත්තා .....

ඇත්තටම එයා ඇයි දන්නෙ නෑ නැතිඋනේ...පව්.....අවුරුදු හතරෙන් මැරෙන්න තරම්.....එක්කො මොකක් හරි වෛරස් එකක් වත් හැදෙන්න ඇති අප්පා...පව්....චූටි හුරතල් මූනක්....ඒ දෙමව්පියො කොහොම.ඉවසුවද මන්දා....

මගෙ අත එයාගෙ තට්ටම උඩ හිනිට හිමීට උඩ පහතට වෙනකොට මේ ඉන්නෙ හොලමනක් නිසා පන ගහපු මලකදක් කියන්න බැරි තරමට පොඩි එකී ලස්සන වෙනකොට අවංකවම මට ලෝභ හිතුනා...

මොකද....ඒපාර එයාගෙ අම්මා වෙන්න හිතුනද....

ඔන්න පටන් ගත්තා ...ඔන්න ඉතින් පටන් ගත්තා ...මේ යක්ස කොල්ලා නම් මහ ඊරිසියා කාර යකෙක්....

ඇයි අකී ඔහොම...

ම්හුක්....එහෙම තමා.....එයා නිදිනෙ...මට තට්ටු කරන්න...

මගෙ දෙයියනෙ.....ඔයා මහ.....අනේ මන්දා...

ඔව්..මම මහ මොකෙක්ද මන්දා....එහෙමනේ....

වැඩක් නෑ....ඇත්තටම එයාගෙ මේ.ඊරිසියාව ගැන කතා කරලා නම් වඩක් නෑ....ලමයට තට්ටු කර කර උන්න අත අරගන එයා එයාගෙ පස්ස උඩින් තියන් තට්ටු කරන්න කියලා ඇහිබැම දෙක අකුලගත්තා ...ඒකට මොකද ළමයි හදන්න කතාව...ළමයෙක් එක්කවත් මාව බෙදා ගන්න බැරි ඒ ඊරිසියා කාරයා කොහෙ ළමයි හදන්නද...ඒකගෙ ළමයි ඒකා වගේම යක් පැටව් වෙයි...මට ඕන් නෑ...

THE LAST TRAIN  🚆 🚆 ✅Where stories live. Discover now