32වන කොටස🚆

848 311 43
                                    

හෙට අමාවක......අමාවක දවසක සූර්‍යග්‍රහනයක් තියෙන්න පුලුවන්ද ......???

මිනි කනත්තෙ මලකඩ කාලා දිරලා ගියපු යකඩ  ගේට්ටුව ඉස්සරහා හිටගන මම කල්පනා කෙරුවා   ......

එයාගෙ අතට කිටි කිටියට මිටමෙලවිලා තියන  උදලු මිට දිහා බලන් උන්න මම වට පිට බලන්න බැරි කමට හුස්ම හිරකන් බිම බලන් උන්නා....

ලා නිල්පාට මලානික ලාම්පු එලි මැද නිදාගන ඉන්න මල මිනිස්සුන්ගෙ සොහොන් කොත් ඒ හැම දේටම වඩා මූසල පාට වෙනකොට ලාවට එන හුලන් රැල්ල එක්ක ඇගම හිරි වැටිලා ගියා....දත කට පූට්ටු කරවගන එකට ඇතිල්ලෙන ගස් රිකිලි වගේම ඈතින් ඇහෙන බස්සෙක්ගෙ මූසල ඈඩියාව කපාගන ඉහට උඩින් පියාඹගන ගියපු රැහැයියා නිසා මම බෙරිහන් දුන්නා...

අකී.....හ්හ්හ්...අනේ...අකීහ්........

බය උන පාරට අත් දෙකෙම්ම කන් දෙක වහන් උන්න මම බිම දන ඔබාගත්තා ඒත් එයා එක වචනයක් කිව්වෙ නෑ...අඩුක ගානෙ මාදිහා බැලුවෙ වත් නෑ...වෙනදට පොඩ්ඩ බැරිවෙනකොට මාව තුරුකරගන්න එයා අද වෙන ලෝකෙක ඉන්නකොට මම  එයා දිහා බයෙන් බයෙන් වගේ බලන් උන්නා.....

අකී....

මම කතා කෙරුවා......ඒත් එයා නෙවෙ මා දිහා ඇහැක් ඇරලා බැලුවෙ........එයා වෙනස්.....එයා සෑහෙන්න වෙනස්...මගෙ හිත කිව්වෙම මේ ඉන්නෙ මගෙ අකී නෙවෙ කියලම වෙනකොට මට තවත් ඇගපත තෙමාගන දාඩිය දාන්න පටන් ගත්තා .....

එන්න යමු....

මෙච්චර වෙලාම මිනි කනත්ත දිහා බලන් ඉදපු එයා මා දිහා බලලා එන්න යමු කියනකොට මෙතන ඉන්නෙ මොන යකා උනත් ඌ ඉන්නෙ මගෙ අකීගෙ ඇග ඇතුලෙ නිසා මට එයාව දාලා යන්න හිතක් නැති වෙනකොට මම බයෙන් උනත් එයා පස්සෙ අඩිය තිබ්බා...

මෙච්චර වෙලාම මිනි කනත්ත දිහා බලන් ඉදපු එයා මා දිහා බලලා එන්න යමු කියනකොට මෙතන ඉන්නෙ මොන යකා උනත් ඌ ඉන්නෙ මගෙ අකීගෙ ඇග ඇතුලෙ නිසා මට එයාව දාලා යන්න හිතක් නැති වෙනකොට මම බයෙන් උනත් එයා පස්සෙ අඩිය තිබ්බා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
THE LAST TRAIN  🚆 🚆 ✅Where stories live. Discover now