34 වන කොටස🚆

810 305 86
                                    

Aki pov...

හ්හ්...හරූ..........

මට එතනින් එහා දෙයක් කියා.ගන්න තියා හිතා ගන්නවත් බැරි උනා.....එයා දැකපු දේවල් මිහිපිට කිසිම මිනිහෙක්ට දකිනවා තියා හිතන්න වත් බැරි දේවල් වෙනකොට එයා දැකපු දේවල් වල භයංකාර කම මම ඒ මුඉනෙන් දකිනකොට අඩාගන්නවත් කටහඩක් නැතිව එයා විදවපු තරම මම දැක්කා.......

හැම දේම ඉවර උනා......අවසානෙදි  බල අරාව ඇතුලේ පන ගැහුන ළදරු මල කද වගේම ප්‍රානයක් නැති මගෙ වස්තුව විතරක් සොල්දරේ උඩ ඉතුරු වෙනකොට මම යන එනමන් නැතිව අතරමන් උන එකෙක් වගේ ඔහේ බිම ඉදන් උන්නා....

අතට ගැටගැහුන රතු නූල දෙකට මැදිම්ම කඩලා යනකොට උන් මගෙ ලොසිංජරේ ගේ ආත්මෙ අරන් යන්න ගිහින් තිබුනා......

මගෙ හරූ.........හ්හ්හ්හ්......

එලියෙ වහින අනෝරා වැස්සටත් වඩා හයියෙන් මම කෑ ගැහුවා.....මගෙ උගුර පලාගන යන තරම් වේගෙන් මම කෑ ගැහුවා ...ඒත් එයා නෑ.....මගෙ ලොසිංජරේ ......මෝඩයා කිය කිය හැමදාම මගෙන් බැනුම් අහපු වයසට වඩා බාල වෙන්න හදපු හැමදාමත් මා ගාව තුරුල් වෙලා උන්න මගෙ ලොසිංජරේ ...එයා ගියා.....එයා යන්න ගිහින්.......කාගෙවත් පවකට කරගහපු මගෙ අසරනයා....අනේ මගෙ මෝඩ ලොසිංජරේ .........

මගෙ ඇස් වලින් කදුලු වැටෙනකොට මම නැකිට්ටා ....නැකිටලා ගිහින් දහතුන් වෙනි පඩියෙනුත් බිමට පෙරලිලා ඉන්න තවම ඇගේ රස්නෙ නොගිය ඇස් පියන් විවර වෙලා තියන එයාගෙ ප්‍රානය නිරුද්ද මල කද මම මගෙ පපුවට තුරුල් කර ගත්තා .....

ඇයි....ඇයි කියපන්...ඇයි කියපන්....අනේ ඇයි කියපන්කො....මම.මෙච්චර උගන්නලත් ඇයි මගෙ ලොසිංජරේ ඇයි.....අයි උඹ මෙහෙම දෙයක් මට කෙරුවෙ...ඇයි.....රත්තරන් ....ඇයි සෙන්සෙ .....ඇයි.....

මම කිව්වා වගේම උඹ මොලයක් නැති මොලේ කලදක් වත් නැති නගරබඩද පියරුවෙක් ලොසිංජරේ ....උඹ මහ මෝඩයෙක් නැගිටපන්....නැගිටපන්...හරු.....නැගිටපන්.....උඹ...නැකිටිනවද නැතිද........කන ඇහුනද....කන් ඇහෙන්නෙ නැතිද උඹේ.....

මම බෙරිහන් දුන්නා...හැම දාම ආදරෙන් හාදු තියපු කම්මුල් වල හකු බහින කම්ම මම ගැහැව්වා..නැකිටපන් කිය කියම ගැහැව්වා..ඒත් වැඩක් නෑ....ඒත් වැඩක් නෑ.......ඒත් වැඩක් නෑ....ඒත් වැඩක් නෑ දෙවියනේ....ඒත් වැඩක් නෑ.....ඌ යන්න ගියා....ඌ යන්න ගියා.....මගෙ මෝඩයා....මම කිව්වා වගේම වැරදිලා පත්වීමක් ගත්තු සෙන්සෙ ......මෝඩයා...අමු මෝඩයා........ඌ අවසානෙදි යන්න ගියා.......

THE LAST TRAIN  🚆 🚆 ✅Where stories live. Discover now