25වන කොටස🚆

950 345 38
                                    

අ...කී.....හ්....

දරන්න අමාරුම හිසේ වේදනාවක් එක්ක මම ඇස් දෙක ඇරියා ..ඒත් එයා කියපු දේ මට අවසිහියෙන් උනත් ඇහුනා වගේම අස් ඇරපු තත්පරේදිම මට මතක් උනෙ ඒක....පිරිසිදු රුධිරයක් ...පිරිසිදු හදවතක්...ඒත්..දුර්වල ආත්මයක්....ශුද්ද වගේම අශුද්ද ආත්ම ආරෝපනේ වෙන ආත්මයක් ....ඒකයි එයාලා මගෙ පස්සෙන් පන්නන්නෙ........

එයාට...මොනවා වෙයිද.....එයාට උදව් ඕනා දෙවියනෙ.......

මට කබුකි නටපු ඒ කෙල්ලව මතක් උනා....අසාහි සෙන්සෙ ......අසාහි සෙන්සෙ පුංචි එකීට උහුලන්න පුලුවන් දුකක් නෙවෙ දීලා තිබුනේ...එයා විදපු හැම වේදනාවක්ම මගෙ සර්වාංගෙට දැනුන කොට මගෙ කකුල් මැද තවමත් වේදනා දුන්නා වගේම යටිබඩ ඇතුලෙන් උහුලන්න අමාරු දැවිල්ලක් දැනුනා...ඒක නිකන් හරියටම වීදුරු කටුවකින් යටි බඩම සූරනවා වගේ හැගීමක් වෙනකොට මම කෙදිරි ගෑවා....

අ...කී.......

මගෙ වස්තුව....

ඇස් ඇරගන්නවත් ඊට එහා කතා කරගන්නවත් හරියටම පන නැති මම එයාගෙ මූන මගෙ වෙව්ලන අත්වලින් අල්ලන්න හදනකොට  එයා තව දුරටත් මාව තෙහෙට්ටු නොකර එයාගෙ මූන මගෙ ලගට ගෙනාවා...මම මගෙ වෙව්ලන ඇගිලි වලින් වේදනාවෙන් බර වෙච්ච ඒ මූන අල්ලනකොට එයා ඇස් පියන් වැහුවා එකට තද වෙච්ච ඇස් පියන් වලින් පහලට පෙරුන කදුලු බිංදු මගෙ කම්මුලට වැටුනා..මට බඩගිනි...මට තිබහයි මට තෙහෙට්ටුයි...ටිකක් නෙවෙ සෑහෙන්න....

අ..කී....

කියන්න මගෙ පන...

මට..බඩ..ගි..නී...මගෙ...බඩ..දනවා...අකී...හ්....

බඩ ගින්න වගේම  ඇගපතේ වේදනාව මාව එන්න එන්නම අඩපන කරන කොට එයා මාව හරහට උස්සගන්නකොට මම එහෙම්ම එයාගෙ  උරහිසට ඔලුව හේත්තු කරගන්නකොට එයා මාව පන්සලඇතුලෙ උනත් පන්සලෙන් ටිකක් ඈතට වෙන්න තිබුන ගස් කොලන් මැද තිබුන භාවනා කුටියකට අරන් ගියා...ඇත්තටම භාවනා කුටියක් කිව්වට ඒක ඇතුලෙ මෙට්‍ට දෙක තුනක් වතුර ගුරුලේත්තුවක් වගේ තව සුලුසුලුදේවල් දෙක තුනක් තියනකොට කොට මේසෙ උඩ ප්‍රානවත් මලත්තක් මැදක් සයිස් වේලුන වගේම ක්‍රමයෙන්ක්‍රමයෙන් වේලි වේලි ගිහින් අවසානෙදි වේලිලාම ගියපු මල් ඉත්තක් තිබුනා....

THE LAST TRAIN  🚆 🚆 ✅Where stories live. Discover now