30වන කොටස🚆

937 311 76
                                    

අකී....

ඔයාට සීතලයි වස්තුව ..

ගං පතුලට වැටුන අපි දෙන්නා ඊලග තත්පරේ උන්නෙ ආයම ගං ඉවුරෙ වෙනකොට එයා කොල රොඩු ටිකක් එකතු කරලා කලු ගල් කැට දෙකක් සෑහෙන්න වෙලාවක් යනකන් අතුල්ලලා අතුල්ලලා චූටි ගිනි ගොඩක් ගැහුවා ..

මාව වෙව්ලනවා.....මාව වෙව්ලනවා කියන්නෙ මාව අම්බානෙට වෙව්ලනකොට  එයා මාව ඇදලා අරන් ඒ කකුල් දෙක උඩ ඉන්දවන් අත් දෙකෙම්ම තුරුල් කර්ණ් උන්නා...හැබැයි එතනින් එහාට වචනයක් කිව්වෙ නෑ....ඒ ඇස් දෙක තිබුනෙ පහලට ගලන වතුර දිහාවට වෙනකොට  මෙච්චර  වෙලාම අපේ ආලිංගන බලන් කෙදිරි ගාපු කෙල්ල සිංදුවක් මුමුනන ගමන් උන්නා...

යටි බඩ වේදනා දෙනවා ...දෙපරැන්ද මැද වේදනා දෙනවා ...ඒ උනත් ඒ හැම වේදනාවක්ම රමණයෙ පින්තූර ආය ආය මතක් කරනකොට  එයා පලවෙනි  පාරට මාව වඩා ගත්තු එක ගැන මන් යටි හිතින් සතුටු උනා...ඒක හරි අමුතුයි....ඒ උනත්....මං දන්නෙ නෑ....මට ඒක චූට්ට චුට්ට මතක් කර කර රස විදින්න ඕනා......

ගග මැද තිබුන ගල් වල හැපි හැපි වතුර ගලාගන යනකොට එයා ඒ දිහා බලලා හුස්මක් අරන් මගෙ මූන දිහා බැලුවා ...

ලොසින්ජරේ ....

කියන්න අකී.....

ඔයාගෙන් කවුරු හරි අර ගගයි ගලයි පෙන්නලා කවුරු වෙන්නද ආස කියලා ඇහුවොත් ඔයා  මොකක්ද පන දෙන උත්තරේ....ගගද ගලද....ම්??

එයා අදත් මගෙන් ප්‍රශ්නයක්  ඇහුවා....ගගද ගලද???

උත්තරයක් නැතිද ලොසිංජරේ ...

මං...ගල තෝර ගන්නවා ...

ම්ම්න්...ඇයි ඒ....

කොච්චර ලොකු වතුර කදක් ආවා උනත් එයා අදටත් හිටන් ඉන්නවනෙ ඒකයි.....

ම්න්....

එයා මාව තවත් ටිකක් තුරුල් කර ගත්තා ...වයසට වඩා වයසින් මුහුකුරා ගිහින් උන්න එයාගෙ අත් ගොබ මට ආරක්ශාවක් වගේම සනීපයක් ගේනකොට  එයා ආයම ගග දිහා බලන් උන්නා....

මං ගග තෝර ගන්නෙත් නෑ ගල තෝර ගන්නෙත් නෑ.මං එහෙම් ඒ ප්‍රශ්නෙම අතාරිනවා හරූ.....

එයා මට හරූ කිව්වා...ආදරේ කරන වෙලේට එයා මට කටට එන ඕන නමක් කිව්වා උනත් හැම සංවේදි තැනකම එයා තෝරගත්තෙ හරූ කියන නම වෙනකොට මං  එයා දිහා ඒ මූනෙ තියන හැගීම් දිහා හොදට බලන් උන්නා...

THE LAST TRAIN  🚆 🚆 ✅Where stories live. Discover now