ජනේලෙන් පැනපු පාරට බ්ලැන්කට් එක පැටලිලා බිමට වැටුන මගෙ මූන කට්ට පොලවෙ ගල් මුල් වල ඇනුනා..
ආව්හ්හ්...ආව්හ්....
මහ රෑ වගේම කරන්න දෙයක් නැති උනත් ආයම ගෙට යන්න බය හිතෙන කොට බ්ලැන්කට් එක ඔතාගන සෙරෙප්පුත් නැතිව දුවන්න ගත්තා ....බය වැඩි කමටම කකුල් පැටලෙනකොට මාව ගේ ඉස්සරහා තිබුන ගහෙ මුලක පැටලිලා ආයම වැටුනා....
ආයිශ්හ්......
මීදුම පිරුන වට්පිටාවෙ හද එලිය පවා මූඅ වෙනකොට බිම වැටුන මගෙ කකුල වලලු කර ගාවින් අනිත් අතට යනකොට නරි උඩ බුරන සදෙදෙ ළඟ ලගම ඇහුනා.....
එන්න එන්නම මීදුම තව තව වැඩිවෙනකොට මූසල එලියක් දීපු හද වලාකුලකින් වැහිලා ගියා...
වලාකුලකින් වහගත්තු හදේ එලිය නැත්තටම නැති වෙනකොට වටපිටාව කෑලිකපන් අන්ද කාරෙ වෙන්කොට වේලුන කොල පොඩි වෙන සද්දයක් මට ඇහුනා.....
චිරිස්......බිරිස්......චිරිස්....බිරිස්....
වේලුන කොල උඩ අඩිය තියනකොට කොල පොඩිවෙලා යන වියලුන අතු කෑලි කැඩිලා යන සද්දයක් මගෙ පිටිපස්සෙන් ඇහුන වගේම කවුරු හරි හයියෙන් හුස්මගන්න සද්දයක්....වේදනාවෙන් හුස්ම අල්ලන සද්දයක් මට ඇහෙනකොට මේ සිතෙ උනත් නලලට දාඩිය බින්දු මතුවෙලා තිබුනා වගේම වැටුන තැනින් නැකිය ගන්න පවා මට පනක් නැතිව යන තරමට මම බය උනා...
YOU ARE READING
THE LAST TRAIN 🚆 🚆 ✅
Fanfictionඔව්..හැම දේම වෙනස් වේවි....ඇහිපිල්ලමක් ගහන පමාවට.... හැම දේම වෙනස් වේවි.....හුස්මක් අරන් හුස්මක් පිටකරන පමාවට.... ඒත් මේ ආදරෙ......??? ඒක වෙනස් වේවිද පන......