35 වන කොටස🚆

844 308 64
                                    

නහයෙන් එන තදම තද පාට ලේ පීල්ලකින් වතුර එනවා හා සමානවම  එලියට විද්දවන කොට මම  ඒ නහය රෙදි පොට්ටනියක් තද කෙරුවා .....

නවතින්න හදපු වැස්ස මොරසූරන වැස්සක් වෙනකොට  මොගානා මේගන් ගෙ පොත පැත්තට දාපු මම අගෝරාවරු ලියපු පොතක අවසානම පිටු ටික හයියෙන් හයියෙන් ජපකරනකොට පොඩි එකී බයටද කොහෙද මගෙ පැත්තට හැරිලා පපුව අස්සට මූන ඔබා ගත්තා ......

එයා ආයම සාමාන්‍ය ස්වරූපෙට හැරෙනකොට කෙල්ල බය වෙලා අඩන්න ගත්තා වගේම එලියෙන් පිට පිට පුපුරන හෙනවලටත් වඩා සද්දෙන් මම ජප කරන ගමන් ආයම අර රතු පාට නූල එකට ගැට ගහන්න පටන් ගත්තා ....

අවසානම පිටුවෙ අසානම ජේදේ පටන් ගන්නකොට ආයම අර පොඩි කෙල්ලට ගෙන්නවපු ආත්මෙ වැහුනා වගේම කෙල්ල මගෙන් ඈත් වෙලා ගිනි ගොඩ දිහා බලාගන වෙන මොනවද මතුරන ගමන් මොන මොනවදෝ කිව්වා....

පපුව තද කරපන්......

ඒ හුරතල් කට හඩ නැත්තටම නැතිවෙලා තිබුනා....එයාට වැහිලා තිබුනෙ පරිනත ආත්මයක් වෙනකොට ඒ කටහඩ තනිකරම සැර පරුශ කටහඩක් වෙනකොට කෙල්ල ආවේසෙන් වගේ කොන්ඩෙ වන වන කෑ ගහනකොට එලිවෙන ජාමෙකදි මම මගෙ හරූගෙ ඇග උඩ නැගන් පපුව තද කරන්න බලන් උන්නා....

ඔය රෙදි පොට්ටනිය ගලවපිය

කෙල්ල කෑ ගැහුවා...හරියටම යක් දෙස්සියක් හා සමානවම......එයා කෑ ගහනවා එක්කම එලියට එන ලේ උරා ගන්න නහයට තද කරපු රෙදි පොට්ටනිය අයින් කරපු මම කෙල්ලගෙන් විදානයක් හම්බෙනක් බලන් උන්නා......

හරි....ඔබපන්.......

මීට කලින් මමා පපා ගගා උන්න පුංචි එකීගෙ මූන බලන්න බැරි තරමට බය හිතෙනකොට කෙල්ල  මට එයාගෙ පපුව ඔබන්න කියනකොට මම අත් දෙකෙම්ම පපුව එබුවා....

එකයි......


පලවෙනි පාර ඔබනකොට නහයෙන් ආව ලේ තලියක් මගෙ මූන පුරාවටම වැක්කෙරෙනකොට මම එයා දිහා ආයම බැලුවා...

ඔබපන් ......

එයා ආයම ඔබන්න කියනකොට මම අත්වලට හයිය අරන්  ආයම ඔබනකොට එයාව ඒ ඔබපු පාරට  උඩට ඉස්සුනා වගේම අර මැරුන ඇස් දෙක ඔහේ තිබුනා....එකම එක ලේ නහරයක් වත් පෑදිලා නැති කොට ඒ ඇස් දෙක මැරුන විදිහටම ඉන්නකොට මම ආයම එයා දිහා බැලුවා....

THE LAST TRAIN  🚆 🚆 ✅Where stories live. Discover now