05වන කොටස🚆

1.5K 424 221
                                    

මේ පොඩි කොල්ලා මහ යක්සයෙක් ..හිතක් පපුවක් කියන එකක් ගෑවිලාවත්  නෑ.....ඒකට මැරිලා වගෙ නින්ද  යනකොට මම මට පුලුවන් උපරිමේට කොල්ලගෙ කලිසම් කොන අල්ල ගත්තා....

මේක මහ යක්කු විමානයක්....

ඈතින් ඇහෙන නරින්ගෙ උඩබිරුම් සද්දෙ එක්ක  ඉස්සරහා තිබුන කොල නැති ලොකු ගහෙ අතු රිකිලි එකට පූට්ටුවෙනකොට ලයිට් ඒකක් වත් නැති ගෙදර ලාම්පු එලියෙන් මම එයා දිහා බැලුවා....

"මේ...අකී....."

මම එයාට ඇගිල්ලෙන් ඇන්නා....

පොලවට අල්ලලා තිබුනේ තනිකරම මැදපු ලී වෙනකොට ලී පොලව ඇතුලෙනුත් කුරු කුරුගාන සද්දයක් වගේම මගෙ සූට් කේස් එක ගාවිනුත් සද්දයක් ඇහුනා .....එන්න එන්නම සද්ද බද්ද වැඩිවෙනකොට මගෙ ඇසුත්  ඇහෙන සද්දෙ හා සමානවම ලොකු උනා.....පපුව ගැහෙන වේගේ එන්න එන්න වැඩි වෙනකොට  ච්මිනියේ එලිය ලෑලි බිත්තිවලට වැටිලා තිබුනා...නටන ගිනි දැල්ල එහා මෙහා වෙනකොට ඇස් දෙක පුලුවන් තරම් උපරිමේටම ලොකු කරන් උන්න මම බිත්තියේ ඇදුන හෙවනැල්ල එක්ක මරලතෝනි ගහගන එයාගෙ ඇග උඩට පැනලා බෙල්ලෙම්ම අල්ලන් බේර ගන්න ගගා කෑ ගැහුවා...

"අකි....අකී...බේර....."

"කැ....හ්....කෑ.....හ්..බෙ..බෙ...සෙන්...සෙ...බෙ..."

"අකී...අකී...ය...කේ....ක්..බේ...."

"කැහ්...බෙල්ල...සෙන්...සෙ....කෑ......හ්හ්හ්හ්හ්.....මේ...මොන..කරුමයක්ද ගුරා මේ මට...කැහ්....පඩිසන්..දෙන්නෙ...."

මම කෑගහන වේගෙ අනුව එයාග් බෙල්ල මිරිකන වේගෙත් වැඩි වෙනකොට කොල්ලා හුස්ම හිර කරන් මට බැන බැන කහින්න ගත්තා වගේම මම ඉක්මනට අතෑරියා....

"අනේ...අකි...සමා..වෙන්..න්...සමා...."

"සමා..වෙන්න...දෙයියන්ගෙ   නාමෙට....හූ තියන්න එපා...බේබි...මහත්තයො....මම...කිව්වනේ...මේ...නගර...බද.. බේබිලා...කියන්නෙ...මහ....කරුම...කියලා..."

එයා බෙල්ල අත ගගා මාව මරන්න හැදුවා...දැන්...ඇත්තටම අපි දෙන්නගෙ පට්ටම් දෙක මාරුවෙලා එයා ගුරා මම ගෝලයා වගේ....
එයා ගසලා බසලා නැගිට්ටා....එහෙන් මෙහෙන් ඇරෙන වැහෙන ජනෙල් පියන් වලින් දත කට පූට්ටු කරන් ඇහෙන සද්දෙ එක්ක මම එයාගෙ ඇගේ ඇලෙන කොට එයා හුස්මක් ගත්තා ....

THE LAST TRAIN  🚆 🚆 ✅Where stories live. Discover now