🍂 02 Chapter 🍂

1.2K 169 13
                                    

The best thing I got was an unknown diary.  So I write my life story letter by letter so that no one will know that unknown diary.
     
.........................................................................

Xiao zhan pov,

        තව ටික දවසකින් මට 18 ලබනවා. ඔයාව මට හම්බෙලා අවුරුද්දයි හරියටම. මට හම්බුන හොදම වගේම මගේ පලවෙනි තෑග්ග. දුන්න කෙනා නොදන්නවා උනත් මන් ඒ කෙනාට ගොඩාක් ස්තූති වෙනවා. මං හැමදේම ලියල හිත නිදහස් කර ගන්නෙ ඔයාගෙන්.. ස්තූතියි ඩයරිය මාත් එක්ක ඉන්නවට.

ඒත් ඔයාගෙත් තව ටිකයි ඉතිරි.😔
හයි ස්කූල් ග්‍රැජුවේශන් එකත් ඊට පස්සෙ දවසනෙ තියෙන්නෙ.. ඔව් මන් එතකොට නිදහස්. ඒ මොන දේ උනත් මන් මෙහෙන් පැන ගන්නවාමයි.කාටවත් හොයා ගන්න බැරි දිහාවකට ගිහින් යුනි එක්කට දානවා. නැත්තන් මොන හෙනයක් කඩන් පාත් වෙයිද කියන්න බෑ..🙃

ආහ් ඔයාල බලනවා ඇති නේද මන් මේ කොහෙන්ද පැනල යන්න හදන්නෙ කියල. ඒ වගේම මන් කවුද කියල..
මන් ජාන්. සීන් ශියාවෝ ජාන්. චීනෙ තියන හොදම බිස්නස් කම්පෙනි 20න් එකක් තමා අපෙ කම්පෙනි එක.. ඒක දැනට මගේ. මම මේ පැනල යන්න හදන්නෙ. මගේම ගෙදරින්.. ඒත් කවදාවත් මේක මගේ ගෙදර නෙමේ.

අපි මුලිම හිටියෙ වූහු ( Wuhu)  වල. ඒත් හැමදේම වෙනස් උනේ හරිම ඉක්මනට .

දැනටමත් මන් ශාරීරිකවයි මානසිකවයි ගොඩක් කඩන් වැටිල ඉන්නෙ..මේ හැමදේම අතහරින්න ඕනි උනත් මන් ජීවත් වෙන්න පොරොන්දු උනා මගෙ පපාට. එ හින්දා මන් ජීවත් වෙනවා තව දුරටත්. 😔

මගෙ මමා මන් ඉපදුන දවසෙම නැති වෙලා. ඉතින් මන් අද වෙනකන් මගේ උපන්දිනෙ සමරලා නෑ. එතකොට මට අවුරුදු 06 ක් වෙනකොට අපෙ පපා මට ආදරේ අඩුවක් නැති වෙන්න කියලා මමා කෙනෙක් එක්කන් ආව. ආහ් මමා නෙමේ කුඩම්මා. ඒත් අපි ටිකක් සතුටෙන් හිටිය. විශේෂයෙන් පපා.. ඒත් එ සතුට තිබ්බෙ හරිම කෙටි කාලයයි..

ශියාවෝ කම්පෙනි එක කියන්නෙ ඒ කාලෙත් හොදම බිස්නස් එකක් . ඉතින් අපෙ පපාත් එක්ක තරහෙන් හිටපු කෙනෙක් මගෙ පපාව ඇක්සිඩන්ට් කරල මගෙන් උදුර ගත්ත. ඒත් වැරදිකාරයව හොයා ගන්න බැරි උනා. එතකොට මට 7යි. පපා නැති උනෙත් හරියටම මගෙ උපන්දිනේ දවසෙ... හිතා ගන්න පුලුවන් ද ඊට පස්සෙ මට උන දේ?

මට මමා උන කෙනා කුඩම්මා උනා..සමහර වෙලාවට මට එයාව පෙනුනෙ නපුරුම නපුරු බටකොල ආච්චි කෙනෙක් වගේ.. කොච්චර පුංචි උනත් එයා මගෙන් ගෙදර වැඩ ඔක්කොම කර ගත්ත..මගෙ පපා කීව වගේ මන් හැමදේම දරා ගන්න පුරුදු උනා.

මන් ශක්තිමත් වෙන්න උත්සාහ කරා..ඇත්තටම මන් ශක්තිමත් ද?
දන්නෙ නෑ.. ලාව කන්දක් උනත් සද්ද නැතිව ඉදල එක පාරටමනෙ පීඩනේ පිට කරන්නෙ. ඉතින් මටත් හිතෙන්නෙම මටත් එක පාරටම කොහෙන් හරි මගේ පීඩනෙ පිට වෙයි කියල. ඒත් මන් ඉවසනවා..

පපා නැති උනාට පස්සෙ කුඩම්ම තව පපා කෙනෙක් ගෙනාවා.. එයාගෙ නමත් ශියාවො..ශියාවො ෂැන්ග් හන් ( Xiao  Zhang Han) මට ඒකාලෙ ඒක තේරුනේ නැ.. ඒත් මට දැන් තේරෙනවා එයාල කරපු දේ.

අපි වූහූවලින් ෂැංහයිවලට ආවා.. මගෙ ජීවිතෙම කනපිට හැරුනා. හැමෝම හිතන් ඉන්නෙ ඒ දෙන්න මගෙ දෙමාපියෝ කියල. කිහිප දෙනෙක් ඇරුනම අනිත් හැමෝම එයාලගෙ රගපෑමට රැවටිලා ඉන්නෙ. එදා ඉදන් මෙ වෙනකනුත්..😔

......................................................................

❄️ හිතෙන විදිහට ලිවේ ඉතිම් අඩුපාඩු තියනවා ගොඩක්.. කියන් යන් එහෙම එව්වා.😊

❄️ ආහ් හිතන එව්වා නිකන්ම ටයිප් කරන්නෙ.. දෙබස් හෝ කටින් කියන දේවල් බෝල්ඩ් කරලා දාන්නෙ..😊

❄️ මේක තනිකරම ෆෑන් ෆික්ෂන් එකක් විතරමයි. ඇත්ත ජීවිත එක්ක කිසිම සම්බධයක් නෑ..

❄️ අදහසක් කියන් යන්..

❄️ බායි අලාවියෝ ..❤😘

Endless Love    ( Yizhan )  Complete Where stories live. Discover now