🍂 19 Chapter 🍂

646 126 10
                                    

I like the dazzling sunlight, your smile spreads
My heart is rushing, I laugh like a fool

I only love you
My heart wants you, you who is like destiny
I love you
........................................................................

🐰 අපි ආපහු ඇවිත් දැනට දවස් තුනක් වෙනවා. අපි ආවෙ බෝබෝලගෙ ගෙදරට. මම ආසාවෙන් හිටියා එයාගෙ මමාත් එක්ක එකට ඉන්න. ඒත් මමා යාලුවෙක් එක්ක රට ගිහින් අපි එනකොට. මට ඕනි එයාට සමීප වෙන්න. බෝබෝ වගේම හොද ඇති එය්ග්ගෙ මමාත්. මෙතෙක් කල් මට මමා කෙනෙක් හිටියෙ නෑ. ඉතින් මට ඕනි බෝගෙ මමා මගෙත් මමා කර ගන්න.

චෙන් ගාගා නම් හිටිය උනත් එයා වැඩි පුරම ඉන්නෙ ඉතින් කැම්පස් එකේනෙ. ගොඩක් රෑ වෙලා එන්නෙත්. ඒත් මේ දවස් තුනටම මන් එයාව දැක්කෙ එක දවසයි.

බෝබෝ මාත් එක්ක හිටියා දවසම ඒත් සමහර වෙලාවට එයත් ඔෆිස් එකෙට ගිහින් එන්න යනවා. කොහොමත් එයා තව ටික දවසකින් ආයෙම ඔෆිස් යන්න ඕනි. එතකොට මන් තනියම. මට කරන්න දේකුත් නැ. මන් නිකන් ඉන්න නිසා බෝගෙ ලයිබ්‍ර්‍රි එකෙන් පොත් අරන් කියවනවා. ඒක සහනයක්. මෙහෙ වැඩට ඉන්න අයත් මාත් එක්ක කතා නෑ ඕනි දේකට ඇරුනම. සමහරවිට මන් මෙහෙට අලුත් හින්දා වෙන්න ඇති . ඒත් මට මහ අමුත්තක් දැනෙනවා.

ආහ් අද බෝගෙ යාලුවෝ එනවා කීවා. එදා වෙඩින් එකට ආව ගාගාලයි තව එන්න බැරි වුන ගාගාලා දෙන්නෙකුයි එනවා කීවා. මේඩ්ලා කෑම හදනකොට මන් බලන් හිටියෙ මටත් ආසයි එක දවසක්වත් මගෙ අතින් බෝට කෑම ටිකක් හදල දෙන්න. මට රසට උයන්න පුළුවන්නෙ . ඒත් මේඩ්ලා මන් කුස්සියට යනට තියා ඒ අහලින් යනවටවත් කැමති නෑ වගෙ මට දැනෙනව.😔කමක් නෑ බෝබෝ ඉන්න වෙලාවක එයත් එක්කම ඉදන් උයන්න ඕනි..☺️

අපි දෙන්නම ඉන්නෙ බෝගෙ රූම් එකේ ඒක ගොඩාරියක් ලොකුයි. තව ලොකු ජනේලයක් තියනව. එතන නම් හරිම නිදහස්. මන් එතන තමා දවසම ඉන්නෙ.

🐰 දැන් හවස් වෙන්නත් ලග උනත් බෝබෝ තාම ගෙදර ආවෙ නෑ. ඩයරිය වහලා මන් ඇදට ගියෙ ඇගට තෙහෙට්ටුවක් දැනුන හින්දා.. මේ ටිකේම මට හරියට මහන්සී. හිතට හරිත් නෑ මෙහෙ ආව දවසෙ ඉදන්. ලාවට දැනුන නිදිමතත් එක්ක හෙමින් හෙමින් ඇස් දෙක බර උනා.

🦁 මන් පුලුවන් තරම් ඉක්මනට ගෙදර ආවෙ බනී තනියම නිසා. මේ දවස් තුනේම ඔෆිස් යන්න උනේ ගිය සති දෙකේ මට වැඩ ගොඩක් මිස් වෙලා තිබ්බ නිසා. අත්‍යාවශ්‍යම වැඩ ටික විතරක් කරලා මන් ආපහු ගෙදර එනවා..
අද ෂූයැංලා එන නිසා මේඩ්ලා වැඩ. කෑම හදනවා.
බනී කාමරේ ඇති. ඒ හින්දා මන් ඉක්මනටම අපි දෙන්නගෙ කාමරේට ගියා. කාමරේට ගියාම දැක්කෙ බනී චූටි ළමයෙක් වගේ ඇදේ ගුලිවෙලා නිදන් ඉන්නවා.. ටයි එකත් ගලවලා ෂර්ට් එකේ බොත්තම් දෙකකුත් ගලවගෙන මන් එයා ගාවටම ගිහින් ඇදේ පැත්තකින් ඉද ගත්තා.

Endless Love    ( Yizhan )  Complete Where stories live. Discover now