Please, if I could, take the pain you are inflicting on me, not twice, but I will take the pain into mine ... otherwise I will be in pain with you.
.........................................................................
🦁 හරියටම සතියකට පස්සෙ බනීව අපේ ගෙදරට එක්කන් ආවා. ගෙදරට එනකොට එයා ටිකක් නොසන්සුන් උනත් හැමෝම ඇවිදින් එයාව පිළිගත්තම ටිකක් සන්සුන් උනා.
මේ මොන දේ උනත් ආචන්.......😔 එයා තාමත් කලින් විදිහමයි.
එදා වීඩියො එක බලලා ෂොක් උනාට පස්සෙ තාමත් කාමරෙන් එළියට ආවේ නැ. මට එයාව බලා ගන්න ඕනි උනත් මේ වෙලාවෙ මන් බනී එක්ක ඉන්න ඕනි. එයා අපෙ බබා එක්ක ලොකු අවදානමක ඉන්නෙ. හොද වෙලාවට හැමදේටම මගේම සහෝදරයො වගේ ඉන්න ෂූයැන්ග් , ජීයැන්ග් , ජින් ගාගා, ජුන් කුවාන් ගාගා එයාව බලා ගන්නවා. එයාලා මන් ගාව නැති උනා නම් මන් මොනා කරන්නද දන්නෙ නෑ.😔
මේ ටිකේම එයාලත් අපේ ගෙදරම හිටිය නිසා මෙ හැමදේම මට ලේසි උනා.මන් බනීව එක්කන් අපේ කාමරේට ගියා වගේම මේ වෙනකන්ම මන් එයාව වඩාගෙන එක්කන් ආවෙ. එයාට ඇවිදින්න අමාරුයි.
🐰 බෝබෝ මාව එක්කන් ආයෙම ගෙදරට ආවා. වැන්ෆ් මැන්ෂන් එකට.. මට එහෙ ඉන්න බෑ. හුස්ම හිර වෙනවා වගෙ. ඒත් මන් මොනා කරන්නද? මට යන්න දිහාවක්වත් බෝබෝට මෙහෙ අතෑරලාවත් යන්න බෑ. ඒත් අනිත් ගාගලා ඇවිදින් මට එයාලගෙම සහෝදරයෙක්ට වගේ ආදරෙන් කතා කරද්දි මන් මගේ හිත ටිකක් හදා ගත්තා. ඒත් ආචන් ගාගා..එයා මාත් එක්ක තාම තරහද? 😔
බෝබෝ මාව වඩාගෙනම අපේ රූම් එකට එක්ක ආවා. මන් මේකට එන්නෙ කොච්චර කාලෙකට පස්සෙද? අපි දෙන්නගෙ මතක බොහොම පොඩ්ඩයි මේ කාමරේ තිබුනත් මේ ගෙදරින් මන් ආසම තැන තමා මේක.
🦁 අපි දවල් වෙන්න ආව නිසා මන් බනීට සුප් එකක් හදන් ඇවිත් පෙව්වා. ජීයැන්ග් කීවා ටික කාලයක් යනකන් සුප් වර්ග දෙන්න කියලා. බත්වත් ඇට නොහිටින්න හොදටම බ්ලෙන්ඩ් කරලා වගේ හරියට චූටි ලමයෙක්ට කන්න හදන කෑම එක වගේ බනීට සුප් එක හැදුවෙ. බඩගිනි එන්න බෙහෙත් දුන්න නිසා අමාරුවෙන් උනත් බනී දෙන ඔක්කොම කෑම බීම කෑවා, බීවා.
හවස් වීගෙන එනනකොට වැස්සක් ලන් උන නිසා මන් බනීට සීතල දැනෙන්නෙ නැති වෙන්න උණුසුම් ඇදුම් අන්දලා ඩුවට් එකත් පොරවලා එයා නිදියනකන් ඉදලා නැගිටලා ආවෙ මටත් ටිකක් මහන්සි නිසා.
YOU ARE READING
Endless Love ( Yizhan ) Complete
FanfictionI wanna grow old with you I wanna die lying in your arms I wanna grow old with you I wanna be looking in your eyes I wanna be there for you Sharing in everything you do I wanna grow old with you I love you