🍂 41 Chapter 🍂

1K 141 9
                                    

Tears hide in my heart
Memories are getting erased
Our unfinished fate
Is stopped here
Even if we live in longing tears
It’s like the scattering wind
So I try to find it

........................................................................

🦁 මන් සිංදුව කියලා ඇස්වලින් කදුළු ගලන ගමන්ම ගිහින් බනීගෙ අතක් අරන් සිප ගත්තා..

ඇති මැණික,හොදටම ඇති දැන් නම්...

එත් එක්කම වගේ මට එක පාරටම දැනුනේ බනීගේ අත හෙල්ලෙනවා වගේ. ඒත් මන් හිතුවේ ඒ මන් අත අල්ලන් ඉන්න නිසා කියලා. ඒත් එහෙම නෙමේ මට තව ටිකකින් හොදටම දැනුනා එයාගේ අත හෙල්ලෙනවා ඒ වගේම එතන තිබ්බ මැෂින් එකේ බනීගෙ හෘද ස්පන්දනය වැඩි වෙනවා කියලා කියන්න වගේ සද්දෙත් එන්න ගත්තා. මන් හොදටම බය උනා. ඉක්මනට දුවන් ගිහින් මන් ජීයැන්ග්ට කතා කරාම එයා තව ඩොක්ටර්ස්ල කීප දෙනෙක් එක්ක බනීගෙ රූම් එකට ගියා.

එතකන් මන් එළියට වෙලා හිටියත්  එයාලා එළිය එන්න පරක්කු වෙන්න වෙන්න මගේ පපුව ගැහෙන වේගෙත් වැඩි උනා වගේම කොරිඩෝවෙ එහාට මෙහාට එක දිගට වේගෙන යන්න ගත්තේ හිතේ තිබුනු නොසන්සුන්කම නිසාමයි. එයා හොදින් ඇති නේද?

මන් දොර දිහාම බලන් හිටියා..පැයකින් විතර එළියට ආව ජීයැන්ග් එක පාරටම මාව වැලදගෙන කතා කරා. එයා අඩනවද හිනා වෙනවද කියලා හිතා ගන්න බැරි වුන මගේ ඉහමොල රත් උනේ බනීට කරදරයක් වත් කියලා හිතේ කොනකින් ඇදෙන කොටමයි.

ජී..ජීයැන්ග් .... බනීට මොකද?

🦄 එයා හොදින් බන්.. හොදින් සම්පූර්ණයෙන්ම හොදින් බන්... එයාට සිහිය ආවා බන් ආවා.
            අන්තිමේට ජාන්ට සිහිය ආවා. මට හරිම සතුටුයි. වෙන මුකුත් නිසා නෙමේ අදින් පස්සෙ යීබෝ වින්ද දුක් ඉවරයි. ජාන් දැන් හිටියටත් වඩා හොදින්. සති දෙකක් පුරාවට එයාට ලැබුනු විවේකය නිසා එයා වෙනදාටත් වඩා හොදින්. යීබෝට ඒක කීවම එයා සතුට නිසාත් ඇඩුවා . පවු..
මට කියලා කට ගන්නවත් එක්කම යීබෝ ඉක්මනට ඇතුලට දුවගෙන ගියා.

🦁බනී.. මගේ මැණිකට සිහිය ඇවිදින්. ජීයැන්ග්  කීවම ඇත්තමයි මට ඕනි උනේම සතුටට උඩ පනින්න. ඒ වගේම එයා හොදින්.මන් ඉක්මනින් මගෙ බනී බලන්න ඇතුලට ගියා. කොච්චර සතුටින් ගියත් ඇතුලට අඩිය තිබ්බ ගමන්ම මගෙ කකුල් දෙක වෙව්ලන්න ගත්තේ බනී ඇදේ ඉදන් කදුළුත් ඇස් දෙකෙ පුරවන් අපේ පැටියා දිහා බලන් ඉන්නවා දැකපු නිසා. මන් එනවා ඇහිලා එක පාරටම මන් දිහා බලනවත් එක්කම ඇස් දෙකේ තිබ්බ කදුළු කැට ඒ කම්මුල් දිගේ ගලාන ගිහින් ඇදට වැටුනා.

Endless Love    ( Yizhan )  Complete Where stories live. Discover now