🍂 14 Chapter 🍂

651 130 12
                                    

Need a love that will keep me safe
Pull me from hell, bring me back again
Play me the classics, something romantic
Give him my all when I don't even have it
I just wanna live in this moment forever........

..................................................................

🦁 මන් බනීත් එක්ක ඉර බහිනවා බලන්න එයාව  මගෙ කකුල් දෙක මැද්දට අරන් අපි දෙන්නම බැම්මෙන් වාඩි උනා.. බනී එහෙම්මම මට හේත්තු වෙලා ඉස්සරහ බලන් ඉන්න පටන් ගන්නකොට මම අත් දෙකෙන්ම එයාව බදාගෙන එයා වගේම  මාත් අපිට ඉස්සරහින් පේන ලස්සන දර්ශනේ දිහා නිහඩවම බලන් හිටියා..

රතු පාට, තැඹිලි පාට, කහ පාට,දම් පාට, අලුපාට වගේම නිල්පාටත් එක්ක එකතු උන අහස ඇහැට ලස්සනම ලස්සන චිත්‍රයක් මවන කොට ලාවට රත් උන මුහුදු හුලග ඇගේ වැදි වැදී අමුතුම සනීපයක් ඇගට ගෙනාවා. හිතට හරිම සනීපයක් දැනෙන්න ගත්තා. බනී නම් වශී වෙලා වගෙ ඇස්පිය නොහෙලා ඒ දිහා බලන් ඉන්නවා.

අපි ගොඩාක් වෙලා කතා නොකරම ඒ දිහා බලන් හිටියා. ඉර බැහැගෙන ගිහින් පාර දිගට බල්බ් පත්තු වෙනකොට මැල්කොන් වෙරල සුරපුරයක් වගේ දිලිසෙන්න ගත්තා.. බැම්ම ලග හිටපු ගොඩක් අය ගිහින් මේ වෙනකොට. දැන් 7ත් පහු වෙලා තිබ්බා. අපි දෙන්නා අතර නිහඩතාවය බිදිමින් ඉස්සෙල්ලාම කතා කරේ බනී..

🐰 බෝබෝ

🦁 ම්ම්ම්ම්ම්

🐰 මන් දෙයක් අහන්නද?

🦁 හ්ම්...

🐰 මට හම්බුන ඩයරිය? මට ඒක ඔයාගෙන් එදාම අහන්න ඕනි උනා. ඔයා මට දුන්න ඩයරිය වගේම එකක් මට ගිය අවුරුද්දේ මගෙ උපන්දිනේ දවසෙ හම්බුනා. ඒත් මන් දැනන් හිටියෙ නෑ ඒක කවුද දුන්නෙ කියල. ඒ ඔයා නේද?

🦁 හ්ම්...

🐰 ඒත් කොහොමද ? ඇයි? ඔයා මාව කලින් ඉදන් දන්නවද බෝබෝ?

🦁 ඔයා හිතනවද බනී ඔයාව දන්නෙ නැති කෙනෙක් එක පාරටම ඔයාට ප්‍රපෝසල් එකක් ගෙනත් ඉක්මනට බදින්න අහයි කියල?

🐰 ..............

🦁 එහෙනම් අහන්නකො.. මන් කතාවක් කියන්නද?

🐰 හ්ම්ම්...

🦁 ඔන්න එහෙනම් අහගන්නකො..

Endless Love    ( Yizhan )  Complete Where stories live. Discover now