🍂 03 Chapter 🍂

992 169 15
                                    

I am looking for my own freedom ...

.........................................................................

Xiao zhan pov,

එයාල මගෙ හැමදේම සීමා කරා.. මාව හිරකාරයෙක් වගේ තිබ්බෙ.. මන් සතුටු වෙන එකම දේ එයාල මාව කවදාවත් ඉස්කෝලේ යන එක විතරක් නතර කරේ නැ. ඉතින් මං සැනසුන එකම තැන එතන විතරමයි..
ගෙදරින් ඉස්කෝලෙට ඉස්කොලෙන් ගෙදරට.. ඒහෙම තමා මන් මගේ මේ අවුරුදු 11 ගෙව්වෙ. මට එහෙම හරි ඉඩක් ලැබුනෙ පපාගෙ ලෝයර්ස්ල හින්දා.

එයාල පපාගෙ දේපල මට අවුරුදු 18 පිරෙනවත් එක්කම දෙන්න සූදානම් කරල . තව මන් ඉගෙන ගන්න එකට වියදම් කරන්නෙත් එයාල. ඉතින් මගේ කුඩම්ම මන් කාලයක් පොඩ්ඩක් හරි ආදරේ කරපු මමා මාව බොරුවට එයාගෙම දරුව වගේ රටට ලෝකෙට පේන්න බලා ගත්තේ මගේ දේපල ගන්න.එ දෙන්න අනිත් අයට පේන්න මාව තියා ගත්තා. හැමෝටම සුදනො උනා. එතකොට මන්...

හැමදාම එක පාරක් හරි මට ගැහුවෙ නැත්තන් එයාලට කෑවෙ නෑ වගෙ.සමහර දවස්වලට මට එක දිගට ගහල කාමරේට දාල තියනව කෑමත් නැතිව.ඒත් මන් හැමදාම අමාරුවෙන් උනත් ඉස්කෝලෙ ගියා.. ඒ මට නිදහසක් ලැබෙන එකම තැන නිසා.

මට කවුද ඉන්නෙ මේවා හරියටම කියන්න.. මට යාලුවෙක්වත් නෑ ගොඩක් සමීප. ගෙදර වැඩ කරල ඉවර වෙන්නෙ රෑට රෑ වෙලා . ඉස්කෝලේ වැඩ කරලා පාන්දර නිදාන පැය 3න් විතර ආයෙ නැගිටලා ගෙදර වැඩ කරල උයලා මන් ඉස්කෝලෙ යන්න දුවනවා. මන් කරන්නෙ හැමදාම දුවන එක...

මන් උයන කෑම ටිකවත් කන්න මට වෙලාවක්වත් නෑ.ඉව්වත් තුන් වේලම කන්න දෙන්නෙ නෑ.. සෙනසුරාදා ඉරිදට විතරක් දෙවේලක්. එකත් ගුටි කෑවොත් දවසම නැ. ගොඩක් වෙලාවට ඒක පොදු කාරනයක්.
කෑවත් නොකෑවත් මන් හැමදාම දුවනවා. මොකද මට ඉස්කෝලේ යන්න ඕනි.. මන් නිදහස් එකම තැන. මන් ආදරෙයි ඒ තැනට.

එයාල මට සල්ලි දෙන්නෙ නෑ කිසිම දේකට. ඉතින් මන් ආයෙ හවස එනකම් බඩගින්නෙ ඉන්නෙ.. ඔව් මට ගෑස්ටික් හොදටම.. සමහර දවස් වලට වමනෙත් එක්ක ලේත් යනවා.. ඒක දැන් සාමාන්‍ය දෙයක් වෙලා. කාලයක් තිස්සෙ එක වේලක්. ඉතින් මන් ශක්තිමත් නෑ ගොඩක් , මගෙ ඇග ගොඩක් දුර්වලයි. ගොඩක් එක දිගට මහන්සි වෙන්න බෑ.
මන් ආසම ඩාන්සින් ඉගෙන ගන්න. කාලයක් මන් ඩාන්සින් කරා. පස්සෙ පස්සෙ මට ඩාන්ස් කරන කොට නිතරම කලන්තෙ දාන්න ගත්තේ මහන්සි වැඩි නිසා. ඇගට පනක් නෑ.අන්තිමේ මන් ඒකත් නතර කරා..
ඒ වෙනුවට චිත්‍ර තෝර ගත්ත...

මන් ආසයි ටිකක් ඇවිදින්න.. මාව කොහෙවත් එක්ක යන්නෙ නෑ. අවුරුද්දකට පාරක් විතර නයිට් පාටියකට එක්කන් යනවා . ඒකත් මාව පෙන්නලා එන්න..
මන් ඒ දවසට පා වෙනවා වගේ. එක එක විසිතුරු ලයිට්, උස බිල්ඩින්, එක එක විදිහට ඇන්ද ගැහැනු මිනිස්සු, මේ දේවල් විකාරයි තමා.. මන් පාටි වලට පොඩ්ඩක්වත් කැමති නැ. ඒත් ඉදල හිටල දකින ඒ විසිතුරු බාවයට මන් හරිම ආදරෙයි..

බීච් එකක් දැක්ක කාලයක් මට මතක නැ. පාක් එකට මන් එක සැරයක් හොරෙන්ම ගියා ඉස්කෝලෙ ඉවර වෙලා. ඒක දැනගෙන කුඩම්මා මාව දවස් දෙකක් කෑමත් නැතිව කාමරේකට දාල හිර කරල තිබ්බ..😔 දන්නවද මට රිදෙනවා.චූටි කාලෙ ඉදන් මන් මෙහෙමයි..
ඉස්කෝලෙ මන් නිශ්ශබ්දයි, මාව ඉන්නවද කියල දන්නෙත් නෑ කවුරුත්. .ඒත් හැමෝම හිතන්නෙ ඒ මගෙ ආඩම්බරකම නිසා කියලා
දන්නවද මන් මේ යුනිෆෝම් එකට පින් දෙනවා. හැමදාම මෙක අදින්න තිබ්බෙ නැත්තන් මන් අදින්නෙ මොනාද? මට අවුරුද්දකට එක ඇදුමයි හම්බෙන්නෙ.. සපත්තු කුට්ටමයි, පරන බාටා දෙකයි,😔

චීනේ හොදම බිස්නස් 20න් එකක් වෙන ශියාවෝ කම්පෙනි එකේ අයිතිකාරයා ගාව අදින්න ඇදුමක් නැ.විහිලුක් නේද?

ඔව් මට යාලුවෝ නෑ. මට එයාලත් එක්ක විනෝද වෙන්න , එකට කන්න බොන්න සල්ලි නෑ. ඉතින් මන් මගෙ බොරු ආඩම්බරකම දාන් හැමෝම මග හරිනවා..
මට දුකයි.. මේ හැමදෙටම වඩා මට හොද යාලුවෙක් ඕනි. මගේ දුක බෙදා ගන්න, මාව තේරුම් ගන්න කෙනෙක්..ඒත් ඒකටත් මට පින නෑ.

.......................................................................

❄️ කතාව අවුල් වගේද? ටිකක් ඉවසලා ඉස්සරහට යන්..😁

❄️ අදහසක් කියන් යන්...

❄️ බායි අලාවියෝ ....❤😘

Endless Love    ( Yizhan )  Complete Where stories live. Discover now